More

    The Fate Of The Furious (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් ඔයාලට අරගෙන ආවෙ සුපුරුදු විදියටම සුපිරි චිත්‍රපටයක්. ගොඩක් අය එනකන් ඇඟිලි ගැන ගැන හිටපු එකක්. මුළින්ම සමාව ඉල්ලනවා මේකේ උපසිරස ලබාදෙන්න මෙච්ච්ර ප්‍රමාදවීම ගැන. ඇත්තටම මම නෙමෙයි මේක බාරගෙන තිබුණේ. ට්‍රේලර් එක ආව දවස් වලම වෙන් කරගන්න බලනකොටත් මේක වෙන කෙනෙක් ඉල්ලගෙන තිබුණේ. ඊට පස්සේ ආපහු මේක අපේ සහෝදරයෙක් ඔහුගේ පනස්වෙනි උපසිරස විදියට දෙන්න හිටියේ. ඒත් ඔහු එකපාරම කාර්යබහුලවීම හින්දා තමයි මේක මේච්චර පහු වුණේ. සතියකට කලින් විතර තමයි මම බාරගෙන අරගෙන ආවෙ. ඇත්තටම පෞද්ගලිකව මම කණගාටු වෙනවා මේකේ උපසිරස ලබාදෙන්න ප්‍රමාදවීම ගැන. මොකද මේකෙම කලින් චිත්‍රපටය Fast and Furious 7 තමයි මම 100 වෙනි උපසිරස විදියට කරේ. ඒකට දැනට 19 000කට වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ලැබිලා තියනවා. එහෙනම් කතාවට යමු.

    The Fate of the Furious තමයි 8 වෙනි චිත්‍රපටයේ නම. මේක ටිකක් විශේෂයි මොකද පෝල් වොකර්ගේ (බ්‍රයන්ගේ) මරණයට පස්සේ එන ඔහුගේ චරිතය නැති චිත්‍රපටය මේක නිසා. වෙනද වගේම ක්‍රියාදාම වලින් මේක පිරිලා තියෙන්නේ. ඒවගේමයි විහිළුත් ගොඩක් තියනවා. විහිළු දෙබස්, අපහසයට කතා කරන නම්, උපමා ගොඩක් තිබුණ නිසා ටිකක් කාලය වැඩිපුර ගියා. මේකෙ උපසිරස ඉවර කරන්න. ඒව ටිකක් පරිවර්තනය කරන්න අමාරුයිනේ. බ්‍රයන් නැති හින්දා ඩොම්ගේ චරිතය වෙනදට වඩා ගොඩක් කැපිලා පේනවා කියලා තමයි මට නම් හිතුනේ. මොකද වෙනද කණ්ඩායමේ බර දෙන්නා අතර බෙදිලා යනවනේ. කොහොම වුනත් කණ්ඩායමට එකතු වෙන අලුත් අයත් අයත් එක්ක ඒක ඊළගට එන චිත්‍රපට වල හරියාවි. බ්‍රයන්ට තිබුණේ පවුල එක්ක බැඳුණු බැඳීම් තියන චර්තයක්නේ. ඒත් බ්‍රයන්ගේ නැතිවීමත් එක්ක ඒ බැඳීම් ඩොම්ට ලබාදෙන්න යනවා කියලා තමයි මට නම් හිතුනේ. ඇක්ෂන් ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මොකද ඇක්ෂන් ලෝකයේ ඉන්න සුපිරිම තට්ට්යෝ තුන්දෙනා මේ චිත්‍රපටියේ රඟපානවනේ.චිත්‍රපට මාලාවෙ කලින් හතුරනුත් මෙහෙයවපු ලොකුම හතුරාව තමයි මේ පාර දකින්න ලැබෙන්නේ. මේක බලන්න කලින් Fast and Furious 7 බලලා ඉන්නවා නම් වැඩිය හොඳයි ආයෙත්. මොකද මේකෙ සමහර දෙබස් ඒකෙ වුණු සිදුවීම් වලට සම්බන්ධයි. Fast and Furious 6 එහෙමත් බලලා නැතන්ම් බලන්න එතකොට තමයි 100%ක්ම චරිත අදුරගෙන කතාව තේරුම්ගන්න පුළුවන්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “The Fate Of The Furious (2017) සිංහල උපසිරැසි” The.Fate.Of.The.Furious.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1628 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිසල් ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram