spot_img

The Flash (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Flash (2023) Sinhala Subtitle

 

The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක සිදුවීමක් පදනම් කරගෙන. එක කොටසක තියෙනවා, බැරී ඇලන්, අධිවේගී ශක්තියට යොමුවෙලා, අතීතයට යනවා. ඒ අතීතයේ සිදුවීම් වෙනස් කරලා, අම්මාව බේරගන්න. මේ සිදුවීම තමයි මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ.

මේ කතාවේදී බැරී ඇලන්, නැත්නම් ෆ්ලෑෂ්, අධිවේගී ශක්තියෙන් අතීතයට යන්නේ තමන්ගේ අම්මාව බේරගන්න හිතාගෙන. හැබැයි, ඒ සිදුවීම් වෙනස් කලොත් අනාගතයට විය හැකි දේවල් ගැන, බෘස් වේන්, බැට්මෑන්, අවවාද කරනවා. ඒත්, ඒ කිසිවක් නොසළකා බැරී ඇලන් කරන ක්‍රියාව නිසා, ලොකු කරදර ගොඩකට පත්වෙනවා. මේ සිදුවීම් දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ආජන්ටින ජාතික Andy Muschietti විසින්. බ්‍රිතාන්‍ය ජාතික රචිකාවක් වන Christina Hodson තමයි මේ චිත්‍රපටියේ තිර රචනය කරන්නේ. DC චරිත තමයි මේකට පාදක කරගන්නේ. Warner Bros. Pictures විසින් ලොව පුරා බෙදාහැරීම බාරගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ezra Miller (බැරී ඇලන්), Michael Keaton (බැට්මෑන්), Sasha Calle (සුපර්ගර්ල්), Michael Shannon (ජෙනරල් සොඩ්) ඇතුළු පිරිසක්.

Web ratings ගැන හොයලා බැලුවොත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.9, Rotten Tomatoes 64%, Google Users 80% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. සුපුරුදු පරිදි, අපේ උපසිරැසි වල තියෙන හොඳ නරක, අඩුපාඩු, ගුණ දොස්, ගල් මල් අපිට කියන්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram