spot_img
spot_img

The Gray Man (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Gray Man (2022) කවුරුත් කතා බහට ලක් ‍කෙරුණු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේකට වැඩිපුරම හේතුවු‍නේ රඟපෑමෙන් එක්වෙච්ච අය. හිතන්න, Ryan Gosling, Chris Evans, Ana de Armas, Dhanush එකට රඟපාන චිත්‍රපටියක්. ඔවු. ධනුෂ් මේකේ රඟපානවා. එළිදක්වලා ඉතා පොඩි කාලෙකින්, box office වෙන්න ලැබුණු එකෙන්ම පේනවා මේකේ ජනප්‍රියත්වය. ඉතා ඉක්මනින් මුළු ලෝකෙම අවධානය දිනාගන්න සමත් වෙච්ච කතාවක් මේ.

Mark Greaney විසින් 2009 දී රචනා කරපු The Gray Man කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Joe Russo, Christopher Markus විසින් තිර රචනය කරලා ලස්සනට ලියපු කතාව, චිත්‍රපටියක් වෙන්නේ Anthony Russo සහ Joe Russo දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන්. AGBO සහ Roth/Kirschenbaum Films මගින් නිෂ්පාදය කෙරුණු චිත්‍රපටිය, ලොව පුරා බෙදාහැරුනේ Netflix මගින්. මේවෙනකොටත් ඩොලර් මිලියන 250කට ආසන්න ප්‍රමාණයක් උපයගෙන තියෙනවා.

රඟපෑමෙන් දායක වෙනවා, කලින් කිව්වා වගේම Ryan Gosling (සියෙරා හය), Chris Evans (ලොයිඩ්), Ana de Armas (මිරන්ඩා), Dhanush (තනි වෘකයා), Jessica Henwick (සූසෑන්) ඇතුළු පිරිසක්.

කතාව ගැන කෙටියෙන් කියන්නම්. හය කියන්නේ CIA ආයතනය මගින් දක්ෂ ලෙස පුහුණු කෙරුණූු රහස් කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහුට සිදුවෙන්නේ රාජ්‍ය නියෝජිතයන්ට කෙලින්ම මැදිහත් වෙන්න බැරි අවස්ථා, ආවරණය කිරීම. නමුත්, එක් මෙහෙයුමකදී හය ට මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතු අත්දැකීමකට. එයින් පසු, ඔහුගේ ජීවිතයට මුහුණ දෙන්න වෙන සිදුවීම් දාමය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Gray Man (2022) සිංහල උපසිරැසි” The.Gray.Man.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5874 times – 946 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. සිංහල උපසිරැසියට ස්තූති.ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවායි පතනවා.

Leave a Reply to shen Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram