spot_img
spot_img
More

    The Kings Daughter (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Kings Daughter (2022) Sinhala Subtitle

     

    ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට, හැමදේම තිබුණා, සදාකාලිකවම රජකිරීම හැරෙන්න. ඒ නිසා, ඔහු ආරම්භ කලා ගවේෂණයක්, ඇට්ලන්ටිස් කියන සැඟවුණු නගරය හොයන්න, ඒ මඟින් ස්වභාවධර්ම නීති වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. මේ අතරේ, කන්‍යාරාමයක හැදී වැඩෙන ලස්සන තරුණ කාන්තාවක්, මේ සිද්ධි දාමය එක්ක සම්බන්ධ වෙනවා. මේ රජතුමා‍ගේ අරමුණ හරි යාවිද? සදාකාලිකවම ජීවත්‍ වීමේ රජතුමාගේ ආශාවට සිදුවන්නේ කුමක්ද?

    මේ කතාව ඇතුලත් වෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ නිකුත් කෙරුණු, වැඩි ප්‍රේක්‍ෂක අවධානයක් දිනා නොගත්ත, සැඟවුණු චිත්‍රපටියක. ඒ The King’s Daughter චිත්‍රපටිය. ඇත්තටම ප්‍රංශයේ රජ මාලිගාවක තිර ගත කෙරුණු චිත්‍රපටියක් මේක. ඒ නිසාම, නලු නිලියන්ට සංචාරකයන් නැතුව රූපගත කිරීම් කරන්න, රාත්‍රියේ තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. උදේ පහ වෙනකල් රූපගත කිරීම් කලාලු.

    Sean McNamara විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් මේ. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වුනු Vonda N. McIntyre ගේ The Moon and the Sun නවකතාව ඇසුරෙන් නිර්මාණය ‍කෙ‍රුණු චිත්‍රපටියක්. නිෂ්පාදන කණ්ඩායම් කීපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණු චිත්‍රපටිය, බෙදාහැරීම් කටයුතු කරලා තියෙන්නේ Gravitas Ventures සමාගමෙන්. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා, Kaya Scodelario (මේරි ජෝසප්), Pierce Brosnan (ලුවිස් රජතුමා), Benjamin Walker (ඊව්ස්), Fan Bingbing (දිය කිඳුරිය) ඇතුළු පිරිසක්.

    පරණයි කියලා හිතන්නේ නැතුව, මේ සිංහල උපසිරැසිය එක්ක මේ චිත්‍රපටිය රස විඳින්න. බලන්න වටින කතාවක් තියෙන්නේ. හැමදාම වගේ කියන්නේ, මේ උපසිරැසි වල හොඳ නරක, ගල් මුල්, යෝජනා චෝදනා අපිට කියන්න. ඒවායෙන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්. එහෙනම්, ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Kings Daughter (2022) සිංහල උපසිරැසි” The.Kings.Daughter.(2022).Sinhala.Subtitle.rar – Downloaded 1662 times – 675 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram