today-is-a-good-day
More

    The Last Hour (2021) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද ඉතින් කට්ටිය,ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම ආපු හින්දි වෙබ් සීරීස් එකක්,හින්දි කිව්වාම දැන් ගොඩක්ම සීරීස් එන්නේ  Crime, thriller,Drama වගේ ඒවනේ,ඉතින් ඔන්න ඒ ඒකාකාරි බවෙන් මිදිලා  Amazon Prime Video එකෙන් අලුත්ම supernatural,Crime, Drama, Mystery ගනයට අයත් සීරීස් එකක් නිකුත් කරනවා,ඉතින් ඉන්දියාවේ සුන්දර දර්ශන තල වල  රූගත කරල තියෙන මේ කතාමාලාව මේ වෙද්දී Imdb මනාප 4707 කින් 7.6 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව,කොටස් 8කින් සමන්විත මේ කතාමාලාවේ එක කතාවක් විනාඩි 45ක පමණ ධාවන කාලයකින් යුක්ත වෙනවා..

    ඉන්දියානු සිනමාවේ අපිට දැකගන්න ලැබුනු Sanjay Kapoor සමග Karma Takapa,Shahana Goswami,Raima Sen ,Robin Tamang ඇතුලු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා,ඔයාලට මේ කතාමාලාව ගැන අදහසක් ගන්න ඕනිනම් ටිකක් ට්‍රේලර් එක බලල හිටියත් කමක් නෑ..වෙනස්ම විදියේ කතාවක් හොයන කෙනෙක්ටනම් මේ කතාමාලව හොදටම ගැලපෙයි…එහෙනම් ඉතින් අද ඉදන් හැමදාම කොටස් දෙක ගානේ අපි ඔයාලට මේ සුපිරි කතාමාලව අරගෙන එනවා,  ඉතින් කතාව ගැන ටිකක් බලමු එහෙනම්…

    DCP අරුප් සිං (Sanjay Kapoor ) කියන්නේ මුම්බයි වල ඉදන් මාරුවීමක් ලබාගෙන කදුකරයට එන්නේ,මේ අතරේ තමයි බෙංගාලී නිලියක්ව දූෂනය කරල මරල දාන්නේ කවුරුන් හෝ විසින්,ඉතින් මේ කේස් එක ගැන විමර්ශනය කරන්න ලැබෙන්නේ අරූප්ට,කිසිම සාක්ෂියක්වත් නැතිව අරූප්ට මේ කේස් එක විසදන එක හිතපු තරම් ලේසී වෙන්නේ නෑ,,මෙහෙම පීඩනෙන් ඉන්න අරූප්ට එයාගේ දුවත් ලොකු ප්‍රශ්න තමයි අරගෙන එන්නේ…ඉතින් කොහොම හරි මුම්බයි වල ඉදන් ආපු මේ පොලිස් නිලධාරියාට කදුකරයේ ජීවත් වෙන අමුතු තරුණ කොල්ලෙක් හම්බවෙනවා,එයා තමයි දේව්…

    දේව් කියන්නේ ෂාමන් කෙනෙක්,ෂාමන් කෙනෙක් කියන්නේ නිකන් මායාකාරයෙක් වගේ,ඉතින් දේව්ට විශේෂ බලයක් තියෙනවා,ඒ තමයි ආත්මයන් එක්ක කතා කරන්න පුලුවන් හැකියාව,මෙයාට පුලුවන් මැරිච්ච කෙනෙක්,එයා ගතකරපු අන්තිම පැයට ගිහින් මොකක්ද උනේ කියල දැනගන්න,ඉතින් අරුප් ,දේව්ගේ උදව් ගන්නවා එයාගේ පරීක්ෂන විසදගන්න.ඉතින් දේව් අවුරුද්දකට වඩා එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි,ඒ මොකද කිව්වොත්,දේව්ගේ මේ තියෙන බලය හොරකම් කරගන්න කෙනෙක් දේව්ගේ පස්සෙන් පන්නනව,ඒ තමයි යමනාඩු,ඉතින් දේව්ට මොකක් වෙයිද කියල බලන්න ඔයාලට මේ සීරීස් එක අරගෙන බලන්නම වෙනව…

    ඉතින් මම කලින් සදහන් කරානේ අරූප්ට දුවෙක් ඉන්නව කියල,මෙයාටත් අමුතු හැකියාවක් තියෙනව,ඒත් ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ දේව්ට,ඒ කොහොමද කියන එක කතාමාලාවා ඉස්සරාට යද්දී අපිට දැනගන්න පුලුවන් වෙයි…

    එහෙනම් ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේ ලස්සන කතාමාලාව් නරබන්න අපිත් එක්ක එකතුවෙන්න කියල,අද ඔයාලට 1,2 කොටස් නරබන්න පුලුවන්,එහෙනම් ඉතින් 3,4 කොටස් සමග හම්බවෙමු ඊලගට එහෙනම්  අරගෙන බලන්නකො The Last Hour (අවසන් පැය)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “The Last Hour (2021) සිංහල උපසිරැසි” The%20Last%20Hour%20E1&E2.rar – Downloaded 1009 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මිලඟ කොටස් වල උපසිරැසි 

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. සුපිරියක් වගේ ගෙනල්ලා තියෙන්නෙ.
      බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Upasirasi walin warthawak thiyann
      wage kolla hadanne…

    3. ඇයි මේ සබ් එකේ කොටස් 2ක් විතරක් පෙන්වන්නේ..සබ් එක ඩවොන්ලෝඩ් කරාම කොටස් 2ක ඒවා විතරයි පෙන්වන්නේ..ඒකට මොකද්ද කරන්න ඕනේ දන්න කෙනෙක් කියන්නකෝ

      • ඔතැන තියෙන්නේ කොටස් දෙකයි.. පොස්ට් එක යට මිලග කොටස් වල උපසිරැසි කියලා දාලා තියෙන්නේ ඊලගට තියන කොටස් වල සබ්

    Leave a Reply to Lahiru Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram