today-is-a-good-day
More

    The Lost City (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක මේ චිත්‍රපටිය එන්නේ. සමහර දෙපැත්ත කැපෙන වාක්‍ය, සිංහලෙන් ලියන්න අමාරු වෙච්ච තැන බොහෝමයක් මේකේ තියෙනවා. ඒවා ඇත්තටම ඉංග්‍රීසි විහිළු. මම පුළුවන් විදියට ඒවා පරිවර්තනය කලා. වැඩේ සාර්ථකද කියලා බලන ඔයාලා තමයි කියන්න ඕනේ.

    මේ ලිපිය ලිය‍නකොට, මේ චිත්‍රපටිය ආදායම් වාර්ථා තියලා තිබ්බා. ආදායම ඩොලර් මිලියට 168කට ආසන්නයි. (අපේ රටේම ඩොලර් සංචිතයත් මෙච්චර තියෙනවාද මන්දා). රේටිං අතිනුත් තරමක් සාර්ථක වෙලා තියෙනවා. IMDB 6.4, RottenTomatoes 79%, Metacritic 60%, Google Users 77% මනාපය පලකරලා තිබ්බා.

    මේක නී සහෝදරයන්ගේ නිර්මාණයක්. Adam Nee සහ Aaron Nee තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Paramount Pictures විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටිය Fortis Films හි නිෂ්පාදයක්. රඟපෑමෙන් දායක වෙනවා Sandra Bullock (ලොරෙටා), Channing Tatum (ඇලන්), Daniel Radcliffe (ෆෙයාෆැක්ස්), Da’Vine Joy Randolph (බෙත්) ඇතුලු පිරිසක්.

    කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව තියෙන්නේ ඇයට මුහුණ දෙන්න වෙන අකරතැබ්බ. වැඩි විස්තර දැනගන්න පුළුවන්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳීමෙන්. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Lost City (2022) සිංහල උපසිරැසි” The.Lost.City.(2022).Sinhala.Subtitle.rar – Downloaded 13205 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram