spot_img
spot_img

The Marsh Kings Daughter (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Marsh Kings Daughter (2023) Sinhala Subtitle

 

හෙලේනා තාත්තා එක්ක දඬයමේ යන්න ගොඩාක් ආසයි. එයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස, කමන්ගේ දැනුමට අළුතෙන් දෙයක් එකතු කරගන්නවා. ඒවා මතක තියෙන්න, හෙලේනාගේ ඇගේ විවිධ වර්ගයේ ටැටූ ගහන්නේ එයාගේම තාත්තා. කැලෑව ඇතුලේ ජීවත් වෙන විදිය, තමන්ගේ ජීවිතය බේරගන්න නම් කරන්න ඕන දේවල්, වගේ හැමදේම හෙ‍ලේනාට උගන්වන්නේ, තාත්තා.

ජීවිතේ සතුටින් ගෙවනවා කියලා තමයි හෙලේනා හිතාගෙන හිටියේ. හෙලේනාට දැනුනේ. ඒත්, මේ හැමදේම වෙනස් ‍වෙන්නේ, දවසක එයාලාගේ ගෙදරට එන, පාර අතරමං වෙච්ච මිනිහෙක් නිසා. මොකක්ද වුනේ කියලා දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. වගුරු රජා කවුද කියලා දැනගන්න ලැබෙන්නෙත් එතකොට.

Karen Dionne ගේ නවකතාවක් වන The Marsh King’s Daughter පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. Neil Burger ගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ නිර්මාණය ලස්සන වෙන්නේ. Lionsgate ආයතනය තමයි ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Daisy Ridley (හෙලේනා), Brooklynn Prince (ළමා හෙලේනා), Ben Mendelsohn (ජේ‍කොබ්), Caren Pistorius (බෙත්) ඇතුළු පිරිසක්.

පැය දෙකකට ආසන්න ‍කාලයක් පුරා දිවෙන චිත්‍රපටියක් වුනත්, ඒ වෙලාව ගත වෙනවා දැනුනේ වත් නෑ. එක දිගට ගලාගෙන යන සිදුවීම් ති‍යෙන නිසාත්, කතා බහ හරිම අඩු නිසාත්, චිත්‍රපටිය බලන්න කම්මැලි හිතෙන්නේ නෑ. ගොඩාක් අයගේ අදහස, පොත කියවනවාට වඩා, චිත්‍රපටිය බලන එක විනෝදයි කියලා.

මේ චිත්‍රපටියෙත් වෙබ් රේටිං තියෙන්නේ ටිකක් වෙනස් විදියකට. විවිධ වෙබ් අඩවි වල තියෙන්නේ වෙනස් විදියේ අගයන්. ඒත් චිත්‍රපටිය බලන්න හොඳ එකක් කියලායි මගේ මතය. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 5.8, Rotten Tomatoes 40%, Google Users 77% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි ගැන හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට කියන්න. හැමෝටම ජය‍වේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “The Marsh Kings Daughter (2023) සිංහල උපසිරැසි” The.Marsh.Kings.Daughter.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1707 times – 517 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Buddhika+laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram