More

    The Meg (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි අතර Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙනුත් Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber යන අයගේ තිර රචනයෙනුත් හැඩ වෙලා තියෙනවා.මේ චිත්‍රපටය සදහා පාදක වෙන්නෙ 1997 වසරේ Steve Alten විසින් රචිත Meg: A Novel of Deep Terror කියන ග්‍රන්ථයයි.සුපිරි ක්‍රියාදාම නළු Jason Statham සමගින් xXx: Return of Xander Cage (2017),John Wick: Chapter 2 (2017) වැනි චිත්‍රපටයන්හි Ruby Rose ට අමතරව Bingbing, Rainn Wilson,Winston Chao හා Cliff Curtis යන අය රංගන දායකත්වය සපයනවා.චීන-ඇමරිකා සම නිෂ්පාදනයක් ලෙස කරලියට පැමිණි මෙය මේ වසරේ අගෝස්තු 18 දින සිට ලෝකය පුරා තිරගත වීමෙන් ලබාගත් ආදායම ඩොලර් මිලියන 506ක් වෙනවා.චිත්‍රපටයේ පිරිවැය ඩොලර් මිලියන 130–178 අතර අගයක් වන බව තමයි වාර්ථා වෙන්නේ.

    ජෝනාස් ටේලර් (Jason Statham) කියන්නෙ දක්ෂතම දිය යට ජීවිතාරක්ෂක කිම්දුම් කරුවෙක්.ඔහු කරන එක් මෙහෙයුමකදී ඔහුගේ යාත්‍රාවට යමක් විසින් පහර දෙනවා.එම සිදුවීම නිසා ඔහු ගන්නා එක් තීරණයකදී පුද්ගලයන් කිහිපදෙනෙක්ට මිය යන්න සිදුවෙනවා.මෙම සිදුවීමෙන් පසු කනස්සල්ලට පත්වන ඔහු තායිලන්තයට වී බියර් බෝතලයකින් සප්පායම් වී ජීවිතේ ගත කරනවා.වසර පහක ඇවෑමෙන් පසු ඔහුව සොයා ඔහුගේ පරණ මිත්‍රයක් වන මැක් පැමිනෙන්නෙ මේ අතරතුරයි.ඔහු සේවය කරන දියයට පර්යේෂණ මධ්‍යස්ථානයේ පරියේෂක කණ්ඩායමක් ගැඹුරු දියේ හිර වී ඇති බව කියනවා.ඒ සිරවී ඇති කණ්ඩායමේ ජෝනාස් ගේ කලින් බිරිදත් සාමාජිකයෙක් වන අතරම ඔවුන්ගේ යාත්‍රාවට යම් සත්වයෙක් විසින් පහරදුන් බවද කියවෙනවා.මැක් විසින් එම කණ්ඩායම බේරගන්නා ලෙසට ජෝනාස් ගෙන් උදව් ඉල්ලනවා.ලොව සිටින මාරකම ප්‍රාග් අයිතිහාසික සත්වයාගෙන්, හොදම කිමිදුම් කරුවෙක් වන ජෝනාස්ට මෙම කණ්ඩායම බේරගන්න පුලුවන් වෙයිද? සත්වයා මෙල්ල කිරීමට ඔවුන්ට කොපමණ ජීව්ත ගණනක් පුද දීමට සිදු වේද? ජෝනාස්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද? කියලා දැනගන්න නම් ත්‍රාසය සපිරි මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ඔබට සුභ දවසක්,ජයවේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Meg (2018) සිංහල උපසිරැසි” The.Meg.(2018).Sinhala.Subtitle.rar – Downloaded 3006 times – 72 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram