More

    The Mother (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Mother (2023) Sinhala Subtitle

     

    Jennifer Lopez සෑහෙන කාලෙක නිහැඬියාවකින් පස්‍සේ, මේ අවුරුද්දේ අළුත් චිත්‍රපටියකට සම්මාදම් වුණා. ඇය මේ වතාවේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් විතරක් නෙමෙයි, නිෂ්පාදනයටත් අත ගහලා තියෙනවා. ලස්සන කතාවක් තෝරගෙන, ඒක ලස්සනට සිනමාවට ගේන්න, Jennifer Lopez ඇතුළු පිරිස නිර්මාණාත්මක වෙලා තියෙනවා.

    නම නොදන්නා අපරාධකාරියක්, අති දක්‍ෂ වෙඩික්කාරියක්, හිටපු හමුදා නිළධාරිනියක්, අපරාධ කල්ලියක් ගැන තොරතුරු ලබාදෙන්න ඉදිරිපත් වෙනවා. මේ තොරතුරු සපයන්නිය ඒ වෙනකොටත් ගර්භණී තත්වයක පසුවුනේ. දරුවා ලැ‍බෙන්න ආසන්න කාලයක තමයි, ඇය මේ දේ කරන්නේ. ඒත්, ඇයගේ පස්සෙන් එන අපරාධකාරයෝ, මේ තොරතුරු දෙන්න අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. කෙසේ නමුත්, මේ අති දක්‍ෂ කාන්තාව, තමන්ගේ නූපන් දරුවා බේරගන්න, කරන්න තියෙන ඕනම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ. මෙයාගේ ඉදිරි කතාව තමයි මම මේ විදියට ආරම්භ කරලා දුන්නේ. ඉතුරු ටික දැනගන්න වෙන්නේ, චිත්‍රපටිය නරඹලාම තමයි.

    මේ චිත්‍රපටිය ටිකක් දාමරික එකක්. ඒ නිසා, සමහර දර්ශණ, පාවිච්චි කරන වචන, ක්‍රියාකලාපයන් අපේ සංස්කෘතියට කොච්චර දුරට ගැලපෙනවාද කියලා ඔයාලා තීරණය කරන්න.

    කලින් කිව්වා වගේ, Jennifer Lopez, Benny Medina, Marc Evans ඇතුළු පිරිසක් එකතු වෙලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය, අධ්‍යක්‍ෂණය කිරීමේ වගකීම පැවරුනේ Niki Caro නම් කාන්තාවකට. ඇයගේ අති දක්‍ෂ අධ්‍යක්‍ෂණය නිසා, මේ කතාව තවත් සිත්ගන්නා සුළු වුනා කිව්වොත් නිවැරදියි. රඟපෑමෙන් දායක වුනා, Jennifer Lopez (අම්මා), Joseph Fiennes (ඒඩ්‍රියන්), Omari Hardwick (විලියම්), Lucy Paez (සෝයි), Gael García Bernal (හෙක්ටර්) ඇතුළු පිරිසක්.

    Web ratings ගැනත් වචනයක් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDb 5.5, Rotten Tomatoes 44%, Google Users 80% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. කොහොමවුනත් මේක බැලිය යුතු කතාවක් කියලායි මගේ පුද්ගලික අදහස.

    චිත්‍රපටිය රූගත කරනකොට, මේ කණ්ඩායමට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙලා ති‍යෙනවාලු. 2022 ජනවාරි මාසයේ රූගත කිරීම් කරන අතරතුරදී, කණ්ඩායමේ වැඩි දෙනෙකුට කොවිඩ් වසංගතය වැළඳිලා. ඒ නිසා, චිත්‍රපටියේ වැඩ කටයුතු තාවකාලිකව නවත්තන්නත් සිද්ධ වුනාලු. ආපහු මාසයකට පස්සේ තමයි එයාලා ඒ තැන ඉඳලා වැඩ පටන් අරගෙන තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ දූපතකදී කියලායි ආරංචි මාර්ග කියන්නේ.

    එහෙනම් සුපුරුදු පරිදි, මේ සිංහල උපසිරැසිය එක්ක ලස්සන චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල්, අපිට කියන්න. අපේ වැඩ වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරගන්න, ඒවා උපකාරී වෙවි. සියළු දෙනාට ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Mother (2023) සිංහල උපසිරැසි” The.Mother.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1761 times – 533 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram