spot_img
spot_img

The Portable Door (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Portable Door (2023) Sinhala Subtitle

 

ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ. පෝල් කාපෙන්ටර්, මේ සමාගම සමඟ ඒකතු වෙන්නේ ඉතා අහම්බයකින්. එහිදී පෝල්ට මුණ ගැහෙනවා, ඔහු වගේම පුහුණු වෙන තනතුරකට ආපු සොෆීව. සමාගමේ සභාපතිතුමා පෝල්ට භාර දෙන්නේ භාරදූර කාර්යයක්. ඒ් නැති වුණු දෙයක් හොයන්න. මේ මායා ලෝකයක සිදුවන ක්‍රියාවන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

සාමාන්‍ය මායා ලෝකයක, කල්පිත සිදුවීම් අලලා කෙරෙන චිත්‍රපටි වලට වඩා වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන චිත්‍රපටියක් තමයි මේ. සුපිරි බල, සුපිරි මායාවන්, පිශාචයෝ (ගොබ්ලින්ස්) සමඟින් චිත්‍රපටිය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එක දිගට බලන්න පුළුවන් කතාවක් තමයි මේ.

Tom Holt නම් බ්‍රිතාන්‍ය කල්පිත නවකතා රචකයාගේ නිර්මාණයක් වුණු The Portable Door පොත ඇසුරෙන් තමයි මේ The Portable Door (2023) චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Jeffrey Walker විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වුණු එකක්. රඟපෑමෙන් දායක ‍‍වන්නේ Patrick Gibson (පෝල් කාපෙන්ටර්), Sophie Wilde (‍‍‍සොෆී පෙටින්ගේල්), Christoph Waltz (හම්ප්‍රි වෙල්ස්), Sam Neill (ඩෙනිස් ටෑනර්) ඇතුළු පිරිසක්.

ඕස්‍ට්‍රේලියාවේ Stan ආයතනය මඟින් අන්තර්ජාලයේ විකාශය කිරීම ආරම්භ ක‍ලේ 2023-04-07 වෙනිදා. මේ කෙටි කාලය ඇතුලත විශාල ජනප්‍රියතාවයක් මේ චිත්‍රපටිය ලබාගත්තා. තවමත් වෙබ් රේටිං ගැන කතා කරන්න කල් වැඩියි කියලායි මගේ අදහස.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ‍මේ පාර අළුත් අවුරුද්දම ගෙවුනේ උපසිරැසි කොටලා. ගෙදර අයගේ සහ‍යෝගය හොඳ නිසා හොඳයි. නැත්නම් මාව ගෙදරිනුත් එලවලා. හැමදාම වගේ ඔයාලාගේ අදහස් උදහස්, ගුණ දොස්, වැරදි අඩුපාඩු අපිට කියන්න. එහෙනම්, ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “The Portable.Door (2023) සිංහල උපසිරැසි” The.Portable.Door.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3192 times – 937 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……………….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram