today-is-a-good-day
More

    The Power (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍ර‍පටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ප්‍ර‍ධාන චරිත ලෙස Vidyut Jammwal හා Shruti Haasan වගේම මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන Mahesh Manjrekar රංඟනයෙන් දායක වෙනවා… Vidyut ගේ චිත්‍ර‍පටි කිහිපයක්ම ගිය අවුරුද්දෙත් නිකුත් උනා වගේම මේ අවුරුද්දෙත් එන්න තියනවා. ගොඩක් අය ඔහුගේ චිත්‍ර‍පටි බලන්නේම සටන් ජවනිකා නිසාමයි. මේ චිත්‍ර‍පටියේ කතාව කොහොම උනත් හොද සටන් ජවනිකා කිහිපයක් නම් දැක බලාගන්න පුලුවන් ඔහුගෙන්..

    කතාව ගැන කිව්වොත් කාල් දාස් ඨාකුර් කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක්… ඔහුගේ ව්‍යාපාර වල හොද නරක දෙකම අඩු වැඩි වශයෙන් තියනවා. මොහුට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. රාම්දාස් ඨාකුර්,රත්නා ඨාකුර් හා පොඩි පුතා දේවි දාස් ඨාකුර් (Vidyut Jammwal)… දේවි දාස් ඨාකුර් තාත්තාගේ මේ ව්‍යාපාර වලට අත නොගහා පිටරට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්. කොහොම හරි නිවාඩුවක් ලැබුන වෙලේ ඔහු ඉන්දියාවට එනවා පවුලේ අය එක්ක කාලය ගත කරන්න. මොහුගේ පෙම්වතිය තමයි පරී (Shruti) කියන්නේ. පරී කියන්නේ කාලි දාස් ඨාකුර්ගේ දකුණු අත වගේ ඉන්න අන්වර්ගේ දුව. ඨාකුර් පවුලේ රාම්දාස් ඨාකුර්ව විවාහකරගෙන ඉන්න ශයිලා නම්, දේවි දාස් ගෙයි පරිගෙයි මේ තියන සම්බන්ධයට වැඩි කැමැත්තක් නැහැ. කොහොම හරි ඒ අතර තමයි ඩිකොස්තා හා ෆකීරා කියන පුද්ගලයන් දෙන්නා.. කාලිදාස් ඨාකුර්ට කුඩු ජවාරම් කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන්නේ. නමුත් ඔහු ඒ යෝජනාව ප්‍ර‍තික්ෂේප කරනවා. මෙයින් මේ දෙන්නා යම් තරමක අමනාප කමක් ඨාකුර් පවුලත් එක්ක ඇති කරගන්නවා. මේ අතර ශයිලා විසින් දේවිගේ හා පරීගේ සම්බන්ධය කඩන්න පවුලේ අයගේ ඔළුවට නොයෙක් විශබිජ දානවා. ශයිලාගේ මේ වැඩේට ඇයගේ මල්ලි රන්ජිත් පවා හවුල් වෙනවා. රන්ජිත් තමයි ඨාකුර් පවුලේ පොඩි දුව රත්නාව කසාද බැදලා ඉන්නේ. ඔහුට ඕනි මේ පවුලේ බිස්නස් වල වැඩි බාරකාරිත්වය අරගන්න. කොහොම හරි ඩිකොස්තා හා ෆකිරා කියන පුද්ගලයන් එක්ක ඇති උන අමනාපකම උඩු දුවන්න ගන්නෙත් ඒ අතරේ… එතැනින් එහාට සිදුවෙන්නේ ඨාකුර් පවුල කිසිසේත්ම හිතපු නැති දේවල් ගොඩක්… ඒක දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය අරගෙන බැලුවොත්… එහෙනම් අදට සමුගන්නවා හැමෝටම සුභ දවසක්

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Power (2021) සිංහල උපසිරැසි” The.Power.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11606 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram