spot_img

The Purge (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අපිට මඟහැරනු චිත්‍රපටි අතර තිබුනු තවත් එක හොද චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ වගේ චිත්‍රපටිවලට පෞද්ගලිකව මම නම් ටිකක් ආසයි. අන්තිම මොහොම වෙනකම් මොනාද වෙන්නේ කියලා හිතාගන්න බැහැ නේ.මේ චිත්‍රපටිය දෙන්න නම් ටිකක් කල් ගියා. හින්දි චිත්‍රපටි නම් දාන එක ගොඩක් ලේසියි එත් මේ වගේ ඉංග්‍රිසි එවා දාන එක නම් මට ටිකක් අමාරු වැඩක්. කොහොම හරි ඉතින් මේ චිත්‍රපටිය දාලා ඉවරයක් කලා.

චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Ethan Hawke හා Lena Headey විසින්. අපි දුන්න Terminator The Sarah Connor Chronicles (2008) ටිවි සිරිස් එක බැලුවා නම් Lena Headeyව හොදට හුරුපුරුදු වෙන්න ඕන.කතාව ගැන කියනවා නම් ඇමරිකානු රජය විසින් අවුරුද්දකට එක් දිනක් පැය 12ක කාලයක් මිනිසුන්ට උපරිම නිදහාස දිලා තියනවා.ඕනම දෙයක් කරන්න.ඔබට කාත් එක්ක හරි තරහාක් තියනවා මේ දවසේ ඔබ ගිහින් ඒ කෙනාව ඝාතනය කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ මිනිමැරිම නිත්‍යානුකුල දෙයක් වෙනවා.මොවුන් මේ ක්‍රමය හදුන්වානේ වාර්ෂික පවිත්‍ර කිරිමේ වැඩසටහන කියලා.මේ නිසා ඇමරිකාවේ දුප්පත් කම හා රැකියා වියුක්තිය අඩුවි තිබෙනවා ගොඩක්. ඉතින් ආණ්ඩුව මේ දිනය බොහොම කැමැත්තෙන් ක්‍රියාත්මක කරනවා. මේ දිනයේ ජේම්ස් ඇතුලේ පවුලේ අයට වෙන සිදුවිමක් තමයි කතාවට පාඨක වෙන්නේ. කතාව නම් උපරිම කුතුහලයෙන් පිරි තියනවා කියලා අනිවාර්යෙන් කියන්නම ඕන. එහෙනම් අරන් බලන්නකෝ කොහොමද කියලා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram