spot_img
spot_img
More

    The Super (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න 2019 නව වසර ආරම්භ කරමින් හැමෝම කැමති විදියේ ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන ආවා. The Super චිත්‍රපටය 2017 වර්ෂයේ තිරගත වූවක්. IMDB 6.0/10ක IMDB දර්ශක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය Stephan Rickගේ අධ්‍යක්ෂණයක්. Patrick John Flueger, Val Kilmer, Louisa Krause කියන රංගන ශිල්පීන් ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා.

    නිව් යෝර්ක් නගරයේ පිහිටා තිබෙන දැවැන්ත නිවාස සංකීර්ණයක ජීවත් වෙන පුද්ගලයන් හිටි හැටියේ ඝාතනය වෙන්නටත් අතුරුදහන් වෙන්නටත් පටන් ගන්නවා. මේ අතරේ ෆිල් ලොජ් එම නිවාස සංකීර්ණයේ සේවයට අලුතින් බැඳෙනවා. ඔහු නවාතැන් ගන්නෙත් එම නිවාස සංකීර්ණයේම පිහිටි නිවසකමයි. ඔහුත් සමග ඔහුගේ කුඩා දියණියන් දෙදෙනාත් එම නිවසේ පදිංචියට පැමිණෙනවා. එම නිවාස සංකීර්ණයේ සිදුවෙමින් පවතින අද්භූත සිද්දීන් මාලාවට මැදි වන්නට ඔවුන්ටත් තිදෙනාටත් සිදු වෙනවා. නිවාස සංකීර්ණයේ සේවය කරන ජූලියෝ ෆිල් සමග ඉක්මනින් මිත්‍ර වුනත් එහි පරණම සේවකයෙක් වෙන වෝල්ටර් නම් ෆිල්ගේ පැමිණීම ගැන වැඩි මනාපයක් ඇති බවක් පෙන්වන්නේ නෑ. ඔහුගේ අද්භූත හැසිරීමෙන් ෆිල් සහ ඔහුගේ දියණියන් දෙදෙනා තවත් අපහසුතාවයට පත් වෙනවා. මෙම නිවාස සංකීර්ණයේ සිදුවන ඝාතනයන් සහ අතුරුදහන්වීම් පිටුපස සිටින අදෘෂ්‍යමාන හස්තය කවුරුන්ද කියන දේ දැන කියාගන්න නම් ඔබට චිත්‍රපට අවසාන වන තුරු නරඹන්නටම සිදු වෙනවා.

    වගකීමෙන් කියනවා විනාඩි 90ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අවසාන වෙන තෙක් කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට ඔබට නරඹන්නට පුලුවන්. ඒ වගේම මෙම චිත්‍රපටයේ අවසානය ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඔබව විස්මයට පත් කරන විදියේ අවසානයක් වේවි.

    එහෙනම් තවත් චිත්‍රපටයකින් හමු වෙන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා. උදා වූ නව වසර සියලු යහපත් පැතුම් ඉටු වෙන , හොඳ චිත්‍රපටි ගොඩක් නරඹන්නට හැකි වෙන සුභම සුභ නව වසරක් වේවා!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “The Super (2018) සිංහල උපසිරැසි” The.Super.2018.Sinhala.Subtitle.rar – Downloaded 133 times – 19 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram