spot_img

The Wandering Earth (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Wandering Earth (2019) Sinhala Subtitle

 

අනාගතයේ දවසක, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය වෙන සූර්යයාගේ ජීව කාලය අවසන් වුනොත්? අපිට තව දුරටත් මේ සූර්යාලෝකය නොලැබී ගියොත්? අනාගතයේ දවසක මේ දේ සිදුවේවි. අන්න ඒහෙම දවසක, ඒ් කියන්නේ, සූර්යයාගේ ශක්තිය ක්ෂය වෙලා, එන්න එන්න විශාල වෙන්න අරගෙන, අපේ පෘථිවියටත් තර්ජණයක් වුනොත්? විද්‍යා ප්‍රබන්ධයක් විදියට 2058 දී සූර්යයාට මේ දේ වෙනවා. ඒ් ඊළඟ අවුරුදු 100 දී පෘථිවිය සූර්යයා විසින් ගිලගන්නවා. ඒ් නිසා, ලෝකය පුරා විද්‍යාඥයෝ එකතුවෙලා තීරණය කරනවා, පෘථිවිය අපේ සෞරග්‍රහමණ්ඩලයෙන් ඈතට ගෙනියන්න.

මේ චිත්‍රපටියේ තියෙන්නේ, ඒ් මෙහෙයුම. මෙහෙයුමේ නම පෘථිවි සවාරි ව්‍යාපෘතිය. මේ මෙහෙයුමට පෘථිවි එන්ජිම් 10,000 ක් නිර්මාණය කරනවා පෘථිවිය තල්ලු කරන්න. ඒ වගේම, පෘථිවියේ භ්‍රමණය නවත්තන්න, තවත් හැරවුම් එන්ජිම් සමකය දිගේ නිර්මාණය කරනවා. මෙහෙම පෘථිවියේ භ්‍රමණය නැවැත්තුවොත් මොනවා වෙයිද? මේ සවාරිය කොහොම එකක් වෙයිද? මේ විද්‍යාත්මක චිත්‍රපටියේ කතාව මේ.

The Wandering Earth (2019) චිත්‍රපටිය Frant Gwo විසින් අධ්‍යක්‍ෂණය කරපු චීන චිත්‍රපටියක්. චීන ජාතික Liu Cixin නවකතාකරු විසින් නිර්මාණය කරපු “The Wandering Earth” නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ. ඩොලර් මිලියන 50ක වියදමකින් නිර්මාණය වුනු මේ චිත්‍රපටිය, ඩොලර් මිලියන 700ක් උපය ගත්තා කියලා තමයි වාර්ථා වෙන්නේ.

චිත්‍රපටියට රඟපෑමෙන් දායක වුනා, Qu Chuxiao (ලියු-කුයි), Li Guangjie (කපිතාන් වැන්ග්-ලී), Wu Jing (ලියු-පේකුයෑන්ග්), Zhao Jinmai (හන්-ඩෝඩෝ) ඇතුළු පිරිසක්. වැඩිපුරම මේ චිත්‍රපටිය ලස්සන වුනේ විශේෂ නිර්මාණ නිසා. චිත්‍රපටිය Netflix මඟින් ලොවපුරා බෙදාහැරුණා. දෙවෙනි කොටසකුත් 2023 අවුරුද්දේ නිකුත් කෙරුණා.

එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම වගේ කියන්නේ, අපේ අඩුපාඩු, හොඳ නරක, ගල් මුල් අපිට දෙන්න. අපි කැමැත්තෙන් ඉන්නවා ඒවා බාරගන්න. එහෙනම්, ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    The Wandering Earth II (2022)

  2. මේකෙ 2 සුපිරි පුලුවන්නම් එකත් දෙන්න සහෝ සබ් එකට thanks ගොඩක් අය chinese film බලන්නෙ නැ එ උනාට මෙ film එක සුපිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram