today-is-a-good-day
More

    The Worst Person in the World (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Worst Perwon in the World (2021) නෝර්වේජියානු භාෂාවෙන් තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු තේමාවන්, දෙබස් මේකේ තියෙනවා. ආදර කතාවක් නිසා, අපේ සංස්කෘතිය එක්ක හැල හැප්පීම් තියෙන්න පුළුවන්. දැනුවත් කලා, වගකීමෙන් නරඹා රස විඳින්න.

    මම මේ චිත්‍රපටිය තෝරගත්තේ, ඉතාම දක්ෂ විදියට ගලාගෙන යන ආදර කතාවක් නිසා. ආදරය සහ සැබෑ ජීවිතය අතර ගැටුම, බටහිර සංස්කෘතියේ ඇසින් දකින්න මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක උත්සාහ කරලා තියෙනවා. කතාව බලනකොට, ඒ උත්සාහය අති සාර්ථකයි කියලා වැටහේවි. අන්තර්ජාලයේ රේටිං ගැන බැලුවාමත් ඒ කතාව තහවුරු වෙනවා. මේ ලිපිය ලියන මොහොතේ, IMDB 7.9, RottenTomatoes 97%, Metacritic 90%, Google Users 86% මේකට කැමැත්ත ප්‍රකාශකරලා තියෙනවා.

    සම්මාන උලෙලවල් විස්සකට අධික ප්‍රමාණයක් නියෝජනය කරපු මේ චිත්‍රපටිය, ඉන් පහක ජය ලබාගෙන ඇති අතරම තව දෙකක දෙවෙනි ස්ථානය දිනාගත්තා. ඒ වගේම අන් සියළුම සම්මාන උලෙලවල් වල අදාල සම්මානයට යෝජනා වීමට හැකිවුනා. Joachim Trier විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ඔහුගේ තුන්වෙනි සිනමා උත්සාහය. රඟපෑම සඳහා යොදාගත්ත ප්‍රධාන නිලිය, කාගෙත් ආකර්ෂණය දිනාගත්තා. ඇයගේ සුන්දරත්වය සහ රඟපෑමේ දක්ෂතාවය නිසා, මේ චිත්‍රපටිය එක දිගට බලන්න යොමුවෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ, Renate Reinsve (ජූලි), Anders Danielsen Lie (ඇක්සෙල්), Herbert Nordrum (අයිවින්ඩ්), Maria Grazia Di Meo (සනීවා) ඇතුළු පිරිසක්.

    කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ජූලි කියන්නේ ඔස්ලෝ නුවර වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය වෛද්‍ය සිසුවියක් වෙන්නේ, ඒ විශය වැඩියෙන්ම ළකුණු ගන්න අයට තියන නිසා. හදිස්සියේ ඇය හිතන්න ගන්නවා, ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ජූලිගේ ඇත්තම කැමැත්ත වෛද්‍යවරියක් වීමද? ඇය ජීවිතයේ අරගන්න බැරෑරුම් තීරණ, ඇයගේ ආදර ජීවිතයටත් බලපානවා. මේ ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසියත් සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Worst Person in the World (2021) සිංහල උපසිරැසි” The.Worst.Person.in.the.World.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1854 times – 817 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram