spot_img

Three Billboards Outside Ebbing Missouri (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටික කාලේකට පස්සේ උපසිරැසියක් අරන් ආවා. ඇත්තටම සබ් දෙන්න හිටියේ මේකට නම් නෙමෙයි Murder On The Orient Express චිත්‍ර‍පටියට තාම සයිට් එකේ පල නොවුන නිසා නමුත් ඒක දැනටම බාරගෙන නිසා තමයි එවපු චිත්‍ර‍පටි ටිකෙන් මේ චිත්‍ර‍පටිය තෝරාගත්තේ. මනාප 167,920 කට හිමිකම් කියමින් IMDB හි 8.3ක අඟයක් අරගත්ත මේ චිත්‍ර‍පටිය ඇමරිකාවේදි තිරඟත වුනේ 2017 නොවැම්බර් 10 වැනිදායි. හොදම චිත්‍ර‍පටි 250 අතර 117 වැනි තැන වගේම ඔස්කාර් සම්මාන දෙකක් දිනාගනිමින් තවත් සම්මාන 98 ක් හා 186ක් සම්මාන සදහා මේ චිත්‍ර‍පටිය නිර්දේශ වි තිබෙනවා. දැන් පේනවා නේ මේ චිත්‍ර‍පටියේ තරම… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Woody Harrelson,Frances McDormand,Sam Rockwell රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ වචන භාවිතය හැරුනාම +18 කිසිදු දර්ශනයක් ඇතුලත් වෙන්නේ නම් නැහැ.. ඒ නිසා බයක් හැකක් නැතුව බලන්න පුලුවන්..

කතාව ගැන කිව්වොත් මිල්ග්‍රේඩ් ගේ දියණිය කිසියම් පිරිසක් විසින් දුෂණය කර මරා දමනවා. වසරක කාලයක් ගත වුනත් ඇයගේ මරණයට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්න පොලිසියට බැරි වෙනවා. කාලයාගේ ඇවැමෙන් මේ සිදුවිමත් හැමෝටම අමතක වෙලා යනවා. නමුත් අම්මා කෙනෙක්ට තමන්ගේ දියණිය නැති උන දුක කවදාවත් නැති වෙන්නේ නැහැ නේ. ඉතින් ඇය මේ සිදුවිම නැවතත් එත්තු ගැන්විමට අපුරු දෙයක් කරනවා. මාර්ගයේ තියන දැන්විම් පුවරු තුනක් ඇය මිලට ගෙන මේ සිදුවිමට අදාල දැ එකේ පල කරනවා. මේ සිදුවිම නිසාම රටපුරාම ආපහු මේ සිදුවිම ගැන කතා බහා වෙනවා. රුපවාහිනියේ යනවා… මේ සිදුවිමෙන් පස්සේ සිදුවන දැ තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ. මේ තරම් හොද කතාවක් අටුවාටිකා විස්තර ලියලා විස්තර කරන්න නම් මට වැඩිය බැහැ. නමුත් ඔබ අනිවාර්යෙන්ම නරඔන්න කියලා ඉල්ලිමක් කරන්න නම් කැමැතියි. ගොඩක් අය මේ වගේ කතා මඟහරිනවා ඉතින් ඒකයි මං වැඩි විස්තරයක් ගැබුරින් නොකියා ඔයාලට තේරෙන්න කිව්වේ. එහෙනම් ලගදිම තවත් චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram