today-is-a-good-day
More

    Thulladha Manamum Thullum (1999) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හුඟ දවසකට පස්සෙ තමයි අද මේ ආවේ සිංහල උපසිරැසියකුත් අරගෙන.අද අරන් ආවේ පරණ දමිළ චිත්‍රපටියක් තමයි. ඒ තමයි Thullatha Manamum Thullum කියන 1999 වසරේ නිකුත් වුන Romance, Drama, Comedy ඝණයට අයත් චිත්‍රපටිය. මේකට IMDb අගය 8.4ක් වගේම ගූගල් මනාප 94%ක් සහ Rotten Tomatoes 86%ක අගයක් ලැබිලා තියෙනවා. ඉතිං ලොකු අගයන් ටිකක් හිමිවෙලා තියෙනවා. මෙහි “ඉලය තලපති” විජේ වගේම සිම්‍රන් රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම මේක මගේ 183* වන සිංහල උපසිරැසි ගැන්වීම.

    මේ මම විජේගෙ ෆිල්ම් එකකට ගෙනෙන දෙවන උපසිරැසිය. කලින් පාර Priyamanavale (2000) චිත්‍රපටියට අරන් ආවේ. ඉතිං මේකට තිබුණ ENGLISH උපසිරැසිය ලයින් 1327කින් සමන්විත උනත් අන්තිමේ අපේ සිංහල උපසිරැසිය ලයින් 2700+ අගයක් දක්වා වැඩි වුනා. ඉංග්‍රීසි එකේ ලොකූ ලයින් අල්ලලා පොඩි ලයින් එකක් තමයි කොටලා තිබ්බෙ. ඉතිං හරියට බලනවනම් අපේ තමයි මේකෙ ටයිම් ලයින් එකත්. ඔක්කොම වගේ කඩලා ඇත්තේ. ලොකුවට දමිල දන්නෙත් නැති නිසා ටික කාලෙක ඉදලා තුන් වතාවක් මේ සබ ගහන්න උත්සහ කරලා බැරි නිසා දමලා ගහලා නිකන් හිටියා. ඒත් මේ පාර කොටන් ආවා.

    ගමක ඉදන් නගරෙට ගායන අවස්ථාවක් හොයන් ආපු ලස්සනට සිංදු කියන්න පුළුවන් කොල්ලෙක් (කුට්ටි) සහ එම නගරයේ කොලේජ් එකක ඉගෙනුම ලබන දක්ෂ සිසුවියක් (රුක්මණී) අතර තමයි මේ කථාව ගලන් යන්නේ. රුක්මණී කියන්නෙත් සංගීතමය පසුබිමක හැදීවැඩුන කෙනෙක්. ඉතිං දවසක් රුක්මණීට අපෙ කුට්ටිගෙ ගීතයක් අහන්න ලැබෙනවා. ඒත් මූන බලාගන්න වෙන්නෙ නෑ.. හඬ විතරයි අහන්න ලැබෙන්නෙ. ඉතිං රුක්මණී කුට්ටිව හොයන්න ගන්නවා. නාදුනන මේ දෙන්නගෙ පළමු හමුවීමෙ ඉදන් වෙන හුඟක්ම හමුවීම් වලදි කුමක් හෝ යමක් සිද්ධ වෙලා රුක්මනීට කුට්ටි ගැන වැරැදි වැටහීමක් ඇති වෙනවා. ඉතිං රස්තියාදු කාර මැර කොල්ලෙක් ලෙසින් තමයි රුක්මනීට කුට්ටිව පේන්න ගන්නේ. ඒත් රුක්මණී දන්නෙ නැහැ මේ තමයි සිංදුව කිව්ව කෙනා කියලා. ඔහොම කාලෙ ගතවෙද්දි කුට්ටිගෙ අතින් රුක්මණීට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො. ඉතිං ඒ සිද්ධියත් එක්ක දැනට තිබුණ වාතාවරනේ උඩු යටිකුරු වෙනවා.

    කථාව ඇරඹෙන්නෙම කුට්ටි වසර 07ක සිර දඩුවමකින් පසු නිදහස් වෙලා එන තැනින්… ‘ඇයි කුට්ටි හිරේ ගියේ?

    අන්න එහෙම කථාවක් තමයි මේකෙ තියෙන්නෙ. ලස්සන ගීත සමූහයක් තියෙනවා වගේම, ෆිල්ම් එකටම විශේෂිත වුණ.. අදටත් ඇහෙද්දි ෆිල්ම් එකත් එක්කම මතකෙට නැගෙන බොහොම ජනප්‍රිය ගීතයක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ සිංදුව තමයි මේ උපසිරැසිය කරන්නත් පෙළඹෙව්වෙ.. ඉතිං එකී මෙකී නොකී සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ, දන්න විදියට.. මොකද ගීත තමයි අමාරුම. මේ උපසිරැසියේ නොදන්න තැන් එහෙම අහගත්තෙ වගේම.. සබ ඔයාලට බලන්න පුළුවන් වෙන විදියට ලයින් කඩල දුන්නෙත් අපෙ ලහිරු උඳයංග අයියා තමයි. එයත් ගොඩක් මහන්සි වුනා. ඉතිං එයාටත් ස්තූති කරන ගමන් අදට යනවා. ආයෙ පුළුවන් උනොත් මුණ ගැහෙමු..!

    මේ උපසිරැසියට ගැළපෙන පිටපත් Tamilyogi වෙඩ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Thullatha Manamum Thullum (1999) සිංහල උපසිරැසි” Thullatha.Manamum.Thullum.1999.Sinhala.Subtitle.rar – Downloaded 884 times – 72 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. තෑන්ක්ස් සබ් එකට සහෝ Cuckoo (2014) ටැමිල් ෆිල්ම් එකටත් සබ් කරන්නකො BluRay කොපියම තියනවා ඉන්ටර්නෙට් එකේ

    2. අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
      Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
      තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
      ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Hashan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram