spot_img
spot_img

Tom And Jerry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ දෙන්නා, මේ පාර එන්නේ කාටූන් සහ ඇත්ත නළු නිලියන් මිශ්‍ර වෙච්ච චිත්‍රපටියකින්. ජනප්‍රිය වෙයි කියලා හිතන විදියේ චිත්‍රපටියක් මේක.

මේ පාර මේ කතාව ලියලා තියෙන්නේ කලින් මෙයාලාගේ කතා ලියපු අය නෙමෙයි. අළුත් දෙන්නෙක් තමයි තිර රචනය පවා කරලා තියෙන්නේ. එයාලා William Hanna, Joseph Barbera. මේ කතාවට අනුව ඇත්ත මිනිස්සු සහ කාටූන් චරිත මිශ්‍ර කරලා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Tim Story. මේ වගේ එකක් අධ්‍යක්ෂණය විතරක් නෙමෙයි, රගපාන එකත් ලේසි වැඩක් නෙමෙයි. කාටූන් චරිත ඉන්නවා කියලා හිතේ මවාගෙන රගපාන්න මේකේ නළු නිළියන්ට සිද්ධ වෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒක සාර්ථකව කරපු අය තමයි මේ. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය යොවුන් නිලි Chloë Grace Moretz තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඇය සමග Colin Jost, Pallavi Sharda, Michael Peña රගපානවා. සියළුම සත්තු කාටූන්.

මේකෙ ratings අද වෙනකොට තත්වය කියන්නම්. IMDb 6.6, Rotten tomatoes 25%, Google Users 86% මේකට මනාපය දීලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් විතරක් කියන්නම්. අතීතයේ ඉඳලාම රණ්ඩු වෙන කාටූන් චරිත දෙකක් වන ටොම් සහ ජෙරී, මේ පාර මුණ ගැහෙන්නේ නිව්යෝර්ක් නුවර හෝටලයක් ආසන්නයේදී. මේ දෙන්නා නිසා ඒ හෝටලයේ පවත්වන්න නියමිතව තියෙන විවාහ උත්සවයකට බාධා එල්ල වෙන්න යනවා. ඒ ගැන කටයුතු කරන්නේ කයිලා. ටොම් සහ ජෙරී දෙන්නාගේ රණ්ඩුව, මේ විවාහ උත්සවයට බලපාන්නේ කොහොමද? දෙන්නා අන්තිමේ සාමදාන වෙයිද? සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Tom And Jerry (2021) සිංහල උපසිරැසි” Tom.And.Jerry.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4171 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram