today-is-a-good-day
More

    Triggered (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Triggered (2020) ළගදීම නිකුත්වෙච්ච ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩාක් දුරට SAW චිත්‍රපටි පෙල වගේම තමයි. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ වචන නම් ඉතා දරුණුයි. කුණුහරුප තොගයයි. මම සිංහලෙන් ඒවා හොඳ විදියට ලිව්වාට, ඇහෙන්නෙම කුණු හරුප. ඔන්න මම දැනුවත් කලා. මගේ යුතුකමනේ.

    මේ චිත්‍රපටිය ඇත්තටම හොඳ කතාවක් ඇසුරෙන් කරලා තියෙන්නේ. නිකම්ම මරා ගැනිල්ලක් නෙමෙයි. සමහර ඒවා වල ඇයි මරන්නේ කියලාවත් තේරෙන්නේ නෑනේ. මේක ඒ අතින් දියුණුයි. මේකේ තිර පිටපත David D. Jonesගේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alastair Orr. රඟපෑමෙන් දායක වෙනවා Reine Swart, Liesl Ahlers, Steven John Ward සහ Russell Crous ඇතුළු නළු නිලියන් රැසක්. මේ වෙනකොටත් IMDB එකේ 5.6ක් අරගන්න මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා. Google Users ලා නම් 73% ක්ම මේකට කැමතියිලු.

    මේ කතාව පටන් ගන්නේ යාළුවෝ නම දෙනෙක්, ඉස්කෝලේ කාලෙන් පස්සේ, තවත් අවුරුදු ගානකට පස්සේ එකතු වෙනවා. මේකත් ලොකු පාපන්දු තරඟයක් බලන්න යන ගමන්, කැළැවේ කූඩාරම් ගහගෙන රැයක් ගත කරන්න. මෙයාලා හැමෝටම, තම තමන්ගේ රහස් තියෙනවා කියලා දැනෙන්නේ මෙහෙම එකතු වුනාම. එයාලාගේ ඉස්කෝලේ යාළුවෙක් වෙලා හිටපු කේලබ් මැරිලා තියෙන්නෙත් මෙයාලා අන්තිම වතාවට මෙහෙම එකතු වෙච්ච දවසක. මෙයාලාට මුහුණ දෙන්න වෙන අත්භූත සිදුවීම් මොනවාද? කොහොමද මෙයාලාට බේරෙන්න පුළුවන්? කවුද ජීවත් වෙන්නේ? මේවාට උත්තර, මේ කතාව ඇතුලේ තියෙන්නේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Triggered (2020) සිංහල උපසිරැසි” Triggered.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3171 times – 957 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram