today-is-a-good-day
More

    V (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන එන්නේ සුපිරිම තෙලෙගු චිත්‍රපටියක්,ඉතින්හැමෝම එනකම් ඇගිලි ගැනගෙන හිටපු චිත්‍රපටියක්..ඉතින් චිත්‍රපටිය ගැන කියන්න කලින් කියන්න ඕනි Baaghi 3 එකෙන් ඔයාලට 200 වෙනි සිoහල උපැසිරැසිය අරගෙන ආවට පස්සේ අලුතෙන් සිoහල උපැසිරැසි 50ක් ආයෙත් එකතු උනා,කතාමාලා  උපැසිරැසි 31ක් සහ චිත්‍රපටි උපැසිරැසි 19ක් අරගෙන ආවා..ඉතින් අද මේ වගේ සුපිරි චිත්‍රපටියකින් ඔයාලට අරගෙන එන්නේ මගේ 250 වෙනි උපැසිරැසි ගැන්වීම..මගේ කලින් උපසිරැසි ගැන්විම් වලින් ගොඩක් හරියක් ඔයාලාට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්. අපේ සයිට් එක නැති උන නිසා පරන චිත්‍ර‍පටි අප්ලොඩ් කරන නිසා මං දාපු චිත්‍ර‍පටි වලින් 75%ක් වගේ තමයි තාම අප්ලොඩ් කරලා ඇත්තේ.. ඒ මං කරපු සේරම ටික එහෙනම් බලාගන්න පුලුවන් උඩ තියන මගේ නම ක්ලික් කරොතින්. 😀

    හරි එහෙනම් දැන් හැරෙමු අද චිත්‍රපටිය පැත්තට,තෙලෙගු සිනාමාවේ කවුරුත් දන්න තරුවක් තමයි නානි කියන්නේ ඉතින් නාන්ගිගේ චිත්‍රපටියක් කිව්වාම ඕනිම කේන්ක් බලන් ඉන්න තරමට එයාට රසික පිරිසක්  ඉන්නවා,ඉතින් කොහොම හරි කොරෝනා නිසා නානිටත් සිද්ධ උනා එයාගෙ අලුත්ම චිත්‍රපටිය වන V චිත්‍රපටිය කෙලින්ම ඩිජිටල් නිකුත් කරන්න,ඉතින් 2020.09.05 මධ්‍යයම රාත්‍රියේ  Amazon Prime Video හරහා මේ චිත්‍රපටිය ප්‍රේක්ෂයක්න්ට බාරවෙනවා.. action thriller වලට කැමති කෙනෙක්නම් ඔයා අනිවාර්යයෙන්ම මේක අරගෙන බැලුවට පාඩුවක් වෙන එකක්නම් නෑ.. Nani  සමග Sudheer Babu,Nivetha Thomas,Aditi Rao Hydari රoගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමුකෝ..

    DCP ආදිත්‍යා (Sudheer Babu) කියන්නේ හොද නමක් හදාගෙන ඉන්න පොලිස් නිලධාරියෙක්,ඉතින් එක දවසක් ජාතිවාදි කෝලහාලයක් නවත්තන්න මෙයාට පුලුවන් වෙනවා,එතනින් පස්සේ ආදිත්‍යය පොලිසියේ ලොකු පිලිගැනීමක් ලැබෙනවා,ඒහෙම ඉන්න අතරේ තමයි නගරේ එක පාරටම ඉහල පොලිස් නිලධාරියෙක්ව මරල දානවා,දරුණු විදියට,හැමෝම හිතන්නෙ කවුරු හරි සයිකෝ මිනීමරුවෙක් තමයි මේක කරන්න ඇත්තෙ කියල,එහෙම ඉන්න අතරේ ආදිත්‍යයිට කේන්ක්ගෙන් කෝල් එකක් එනවා,,එයා කියන්නේ කලින් පොලිස් නිලධාරියව මැරුවේ මම තමයි,මම තව මිනීමැරුම් පහක් කරන්න යනවා පුලුවන්නම් නවත්තන්න කියල,ඉතින් ඈත්තටම මේ කවුද?ඇයි මෙහෙම මිනී මරන්නේ,මෙයා ආදිත්‍යටම කතා කරන්නෙ ඇයි?ඒ ටික දැනගන්නම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා,පොඩි සoවේදී අවසානයකුත් එක්කම ලස්සන චිත්‍රපටියක් ඔයාලට බලන්න පුලුවන්..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “V (2020) සිංහල උපසිරැසි” V.(2020).Sinhala.Subtitle.rar – Downloaded 16823 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    35 COMMENTS

    1. release වූ සැනින් එසැනින් සබ් 😍👊👊.. බොහොම ඉස්කෝතුයි ලහිරු බ්‍රෝ 😊 පුළුවන් නම් kilometers and kilometers එකටත් සබ් කරන්නකො english subවත් නෑ forensic එකට සබ් කරා වගේ අසාලිවීමක් කරන්න පුළුවන් නම් සබ් කරනවද ඒකට 😊

    2. 250ට සුභ පැතුම්! 🤩
      බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා! 👍

    3. 250ට සුබ පතන්න අමතක උනානෙ 😊 සුබ පතනවා බ්‍රෝ 250වෙනි සබ් එකට 🎉🎊.. ඉක්මනින්ම 300ත් ගහමු ඒ වගේම තමන්ගෙ වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න බ්‍රෝ 😊

    4. 250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    5. 250ට උණුසුම් සුභ පැතුම් සහෝ..!🤝
      එනකම් බලන් උන්න එකක් තමා..
      300වෙනි උපසිරැසියත් ඉක්මනට ගහමු.!❤️😀👍

    6. 250* ta suba pathum…jayen jayama weewa..karana kiyana katayuthu saarthaka weewa…dhiyunuwama labeewa…..💝💝

    7. තෙලිඟු නම් සුපිරිම එකක් ආවොත් තමා අරගන්නෙ…
      මෙක ඉතින් බලන්නම වෙනව 😁💚💚💚💚
      250 සිංහල උපසිරසියට සුභපැතුම් සහෝ
      බොහොම ස්තුතියි !!!!”,

    8. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි💙

      250 වෙනි උපසිරැසියට සුභ පැතුම් ඉක්මනට 300 ගහමු❤

    Leave a Reply to mithun Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram