spot_img

Vantha Rajavathaan Varuven (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරගෙන ආවේ Action,Comedy,Drama ගනයට අයත් වෙන 2019 පෙබරවාරි මාසයේ 01 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්, Sundar C ගේ අධ්‍යක්ෂනයෙන් සහ Trivikram Srinivas ගේ රචනයෙන් හැඩ උන මෙහි Simbu, Megha Akash සමග Catherine Tresa ප්‍රධාන චරිත නිරූපනය කරනවා

රගුවර්ධන් කියන්නෙ හොදට සල්ලි තියෙන ව්‍යාපාරිකයෙක් දවසක් එයාගේ දුව රගුවර්ධන්ටත් නොකියා එයාගෙම කැමැත්තෙන් කසාදයක් කරගෙන ගෙදරට එයාගේ සැමියත් එක්ක එනවා එත් ඒ කසාදේ කරගත්තු විදියට රගුවර්ධන්නම් කැමැත්තක් දක්වන්නෙ නෑ ඒ නිසා ඔහු ඔහුගේ දුවව ගෙදරින් එලියට දානවා… ඔය සිද්ධියෙන් අවුරුදු ගානක් ගියාට පස්සේ තමයි චිත්‍රපටිය හරියටම පටන් ගන්නේ. රාජා (Simbu) කියන්නෙ රගුවර්ධන්ගේ මුනුබුරා ඉතින් රගුවර්ධන් එයාගේ ඊලග උපන්දිනේට එයා එයාගේ මුණුබුරාගෙන් ඉල්ලන්නෙ එයාගේ දුවව ආපහු ගෙදර එක්කන් එන්න කියලා ඉතින් ඒක ඉෂ්ඨ කරන්න රාජා ඉන්දියාවට එනවා මෙයා පුළුවන් හැමදේම කරනවා නැන්දව ආපහු එයාගේ තාත්තත් එක්ක එකතු කරන්න.. ඒ එකක්වත් හරියන්නෙ නැති වෙන කොට අන්තිම තුරුම්පුව විදියට නැන්දාට දුවල දෙන්නෙක් ඉන්නවා ප්‍රියා සහ මායා කියලා.. ඉතින් මේ දෙන්නගෙන් කෙනෙක් සෙට් කරගෙන ගියොත් සීයා ගාවට එක්ක ගියාම නැන්දත් ඉබේම එහෙට එයි කියල හිතනවා.. ඉතින් රාජා මේ ප්‍රියායි මායායි අතරින් කෙනෙක් යාළු කරගන්න වැඩේ හරි යාවිද වගේම රාජාට තමන්ගේ සීයා ඉල්ලපු ඉල්ලිම කරන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය අරන් බලන්න ආරාධනා කරනවා ඔයාල හැමෝටම… කම්මැලි කමක් නැතිව විනාඩි 155ක් පුරා විටෙක සතුටෙන් තවත් වෙලාවක හැගීම්බරව නරඔන්න පුළුවන් චිත්‍රපටියක් වේවි ඔයාලට..

එහෙනම් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram