spot_img

Vennila Kabaddi Kuzhu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Drama/sport ගණයට අයත් වන මෙම චිත්‍රපටයට 7.5ක imdb අගයක් වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 91%ක කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා දමිල සිනමාවෙ ඉලේ තලපති ලෙස හදුන්වනු ලබන විජේගේ සහෝදරයෙක් වන vikranth සහ Arthana binu විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටන්ට පණ පොවනවා. ඒ වගේම දමිල සිනමාවෙ තවත් සුප්‍රසිද්ධම රංගන ශිල්පීන් පිරිසක්ද මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා.ඒ අතරින් විකට නළුවන් වන Suri, Appakutty, Ganja karuppu යන අය විශේෂ තැනක් හිමිකරගෙන තියෙනවා. කතාව ගලාගෙන යන්නේ වෙන්නිලා කියන කබඩි කණ්ඩායම වටාය. අපේ කතාවෙ වීරයා සරවනා යම් කාලයක් වෙනකම් කබඩි ක්‍රීඩාවට කැමති කෙනෙක් නෙවෙයි.නමුත් එක්තරා සිදුවීමක් නිසා එයා කබඩි සෙල්ලම් කරන්න තීරණය කරනවා.එයාගෙ තාත්තා ගොඩාක් දක්ෂ කබඩි ක්‍රීඩකයෙක්.ඒත් සරවනා පාසල් කාලයේ සිදුකරපු දෙයක් නිසා එයාට කබඩි ක්‍රීඩාව නවත්තන්න වෙනව වගේම ඒ පවුල පිටින්ම ඒ ගමෙනුත් යන්න සිද්ද වෙනවා. ඉන්පසු දවසක් සරවනා ආදරය කරන කෙල්ලගෙ තාත්ත කට්ටියක් එවනවා සරවනාට ගහන්න කියල.ඒකට බය වුන සරවනාගෙ තාත්තා එයාව මාස 6කට ගමෙන් මදුරාසියට යවනවා.ඒත් සරවනා මදුරාසියට නෙවෙයි යන්නේ.එයා කොහෙද ගියේ කියල ඔයාලට චිත්‍රපටය බලද්දිම තේරේවී.

විටෙක නරඹන්නන්ව හැගුම්බර කිරීමට සමත් වෙන මෙම සිත්තම තවත් විටෙක නරඹන්නන්ව සිනා සාගරයක ගිල්වන්නට සමත්වෙලා තියෙනවා. මෙම සිත්තම පවුලේ සියලු දෙනාටම කිසිම කම්මැලිකමක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් කියල සහතික කරන්න පුලුවන්. තාත්ත කෙනෙක් තමන්ගේ පුතාට කොච්චර නම් ආදරෙයිද කියලත් මෙම සිත්තමෙන් ඉතා හැගීම්බරව නිරූපණය කරලා තියෙනව. අවසාන වශයෙන් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට සහයෝගය දීපු ලහිරු අයියටත් ස්තූතිවන්ත වෙනගමන් ඉක්මනට තවත් මෙවැනිම උපසිරයකින් ඔබ හමුවන තෙක් මම සමුගන්නවා. බුදුසරණයි !!!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram