today-is-a-good-day
More

    Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ ගමට එන්නේ, තම දුවගේ කසාදෙ කරන්න කියලා. ඉතිං ඔහු ජනාර්ධන්ගෙ කමරොට්ටු බංගලාව ඉල්ලනවා මේ කසාද වැඩ වලට.

    ඒත් ඒ නිවසේ “බ්‍රහ්මරාක්ෂස” වාසය කරනවා කියලා. ඔහු එක හෙලා එයට විරුද්ධ වෙනවා. මෙය මීට වසර 28කට
    පෙර සිට පටන් ගෙන තියෙන අභිරහසක්.. කවුද මේ බ්‍රහ්මරාක්ෂස කියන්නෙ කියන කුතුහලේ එක්ක අපි යමු කතාවට.

    ඔය අතරෙ මේ ගම්මානයේ ළමා ඝාතන එක දිගට වෙන්න ගන්නවා. ළමයි මරලා ගස් වල එල්ලනවා. මේ ගැන විමර්ශන කල පොළිස්පතිත් මළ සිරුරක් විදියට හිටි හැටියෙම හම්බවෙනවා. හරහට එන හැම කෙනෙක්ම සිරුරක් වෙනවා. රැයකට කවුරුවත්ම එළියකට එන්නෙ නෑ. කැලේ දිහා බලන්නෙවත් නැති ගම්මානයක්. ඉතිං හැමෝම මරණ භීතියෙන් ඉන්න මෙහෙම වෙලේක මේ ගම්මානයට අමුතු පොළිස් නිළධාරියෙක් පැමිණෙනවා. කියවෙන විදියට නම් ඔහු “භය කියන දේ දන්නෙවත් නැති” කෙනෙක්ලු.. නමින් වික්‍රාන්ත් රෝනා.

    ඔහු ආපු ගමන් පැටලෙන්නෙ ජනාර්ධන් ඝාම්භීර් එක්ක. ඔය අස්සෙ තමයි සංජු කියන චරිතෙ ගමට ඇතුල් වෙන්නේ.
    කවුද මේ සංජු? සංජුත් මේ සියල්ලටම පැටලෙනවා. ඉතිං මේ ළමා ඝාතන එන්න එන්න වැඩි වෙනවා වගේම හැම සිරුරක් ළගින්ම එක් නෝට් එකක් හම්බ වෙනවා. එහි මෙහෙම අන්තර්ගත වෙනවා.

    ” ඝර ඝර ඝර ඝග්ගර ජර්බා.. පිර නල්කුරි නෙත්තර පර්බා..”

    මේ පද පේළියත් එක්ක ගමන් කරන කථාව හොයන් වික්‍රාන්ත් කැළයට බහින්න තීරණය කරනවා. ඉතිං මහා අත්භූත කැලයක සිදුවන මේ ක්‍රියාන්විතයට කුමක් වෙයිද? මොකක්ද මේ විසදගන්න බැරි අභිරහස? ඇයි භූතයින් මේ ගම අරක්ගෙන ඉන්නේ? මේ සියල්ලටම විසඳුම් ගන්න නම්, කුතුහලය පිරිණු මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

    කොරෝනා වසංගතයට අසු වෙන්න සිද්ධ වුණු තවත් චිත්‍රපටයක් තමයි වික්‍රාන්ත් රෝනා කියන්නේ. ඒ නිසා බොහෝ පමා වෙලා පසුගිය ජූලි 28 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කලේ. පෑන් ඉන්ඩියා ෆිල්ම් එකක් වුණු මෙය 3D ආකාරයෙන්ම තිරගත වුනා. ඉතිං KGF එකට පස්සෙ Charlie බොහොම සාර්ථක වුනා වගේම Vikranth Rona ඊටත් එහා සාර්ථකත්වයක් බොක්ස් ඔෆිසය තුළ ලබා ගත්තා… ඒ කෝටි 210ක පමණ ආදායමක් හිමි කර ගනිමින්.

    Kiccha Sudeep කියන්නෙ අපි හැමෝම දන්න විලන් කෙනෙක්. නැත්නම් හීරෝ කෙනෙක්. ඔහුට ඒ දෙපැත්තම කරන්න පුළුවන් ඝාම්භීර හඩ පෞර්ෂයක් වගේම කඩවසම් බවක් හිමි නළුවෙක්. ඝාම්භීර දෙබස් එක්කම ගමන් කරන මේ චිත්‍රපටයට සෙසු චරිතද ලොකු සහයක් වෙලා තියෙනවා. ඒවගේම මෙහි රූප රාමු, ගීත.. පසුබිම් වාදන යන සියල්ලම ඉතා ඉහළ මට්ටමක තියෙනවා.එවා නිසා මේ චිත්‍රපටයට ලොකු ශක්තියක් ලැබිලා තියෙනවා.

    ත්‍රාසය, කුතුහලය, ක්‍රියාන්විතයන් සහ සටන් ජවනිකා පිරුණ මේ චිත්‍රපටය imdb අගය 8/10 ක් දක්වා ඉහළ නංවන්න සමත් වෙලා තියෙනවා. වික්‍රාන්ත් සමඟින් එන සිය දියණිය එක්ක, එසේ නැතිනම් තාත්තයි දුවයි කෙසේ නම් මේ අත්භූත මිනිස්සු පිරුණ ගම්මානයේ, අත්භූත ප්‍රශ්නය විසඳයිද? ඇත්තටම පුළුවන් වෙයිද? අවුරුදු 28ක අතීතය වෙනස් කරන්න පුළුවන් වෙයිද? අනිවාරෙන්ම බලලා දැනගන්න… ආ තව දෙයක්, රසවින්ඳනය අඩුවක් නොවෙන්න ඕනෙ නිසා, අපේ ජැක්වලීන් අක්කා ඉන්න සිංදුව එක්කම මෙහි අඩංගු සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් බලන්න.. අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න.

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Vikrant Rona (2022) සිංහල උපසිරැසි” Vikrant.Rona.(2022).Sinhala.Subtitles.rar – Downloaded 14023 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    32 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      Me videyata karagena yanna putha..
      Elama thama….!!!

      • හැමදාම කමෙන්ට් එකක් දානවට ස්තුතියි!❤

    2. thanks bro…. me unusumenma
      Thiruchitrambalam (2022) danush inna Tamil movie ake hoda copys dala thiyenawa ekatath sub aka ona.

    3. මුලින් හිතුවේ සූර්යා කියලා. ඒත් පස්සේ දන්නේ මේක පට්ට කතාවක් කියලා. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්. ගොඩාක් ස්තූතියි සබ හදලා දුන්නාට. නැත්නම් අපිට කොහෙන්ද මේවා තේරෙන්නේ…

    4. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

    Leave a Reply to lishan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram