today-is-a-good-day
More

    We Can Be Heroes (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම බලාගෙන යන්න පුළුවන්. විශේෂත්වයක් තියෙන්නේ, ඉන්දියානු බොලිවුඩ් නිළියක් වන Priyanka Chopra මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම.

    විවිධ effects භාවිතා කරලා තියෙන කතාවක් අධ්‍යක්ෂණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම ඒ වගේ කතාවක් ලියන එකත් අභියෝගයක්. ඒක කරලා තියෙනවා Robert Rodriguez. ඔහු මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා එලියට දැම්මේ. රඟපෑමෙන් මම කලින් කිව්වා වගේ Priyanka Chopra, Yaya Gosselin, Lyon Daniels, Lotus Blossom, Hala Finley වැනි අය එක්වෙනවා. මේ පොඩි දරුවන් අනාගතයේ හොඳ රංගන ශිල්පියන් වෙන බව මේකෙන්ම පෙන්නුම් කරනවා.

    Ratings ගැනත් හොයලා බැලුවොත්, IMDB 4.7, Rotten Tommatoes 73%, Common Sense Media 4, Google Users 70% වගේ අගයන් අරගෙන තියෙනවා. මේ මාස දෙකකට.

    කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇමරිකාවේ ඉන්න සුපිරි වීරයෝ ඔක්කෝම එකතුවෙනවා පිටසක්වල ආක්‍රමණයක් නවත්තන්න. ඒත් අවාසනාවකට, මේ හැමෝම පිටසක්වලයන්ට අහුවෙනවා. බේරෙන්න කාටවත් බැරිවෙන්න. ඒ අතරේ, එයාලාගේ දරුවන්ව ආරක්ෂාවට රඳවලා තියන්නේ, සුපිරි වීර මූලස්ථානයේ. හැබැයි, එතනත් ආක්‍රමණය කරන බව දැනගන්න එයාලා, එතනින් පැනලා යන්නේ, දෙමාපියන්ව බේරගන්න අදහසින්. එයාලාගේ මෙහෙයුම සාර්ථක වෙයිද? මොන වගේ පිටසක්වලයන් ද මේ ආවේ? සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “We Can Be Heroes (2020) සිංහල උපසිරැසි” We.Can.Be.Heroes.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2899 times – 798 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

      අනිවාර්යයෙන්ම බලනවා

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram