spot_img
spot_img
More

    What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටියම Seven Sisters නමින්ද හදුන්වනවා… මෙහි ප්‍ර‍ධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා Willem Dafoe රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙලින්ම කියනවා නම් 2050 පමණ වන විට ලෝක ජනගහනය පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. ඒ ඉහල යන ජනගහනයට පරිභෝජනය කරන්න තරම් ආහාර නිපදවිමක් සිදුවෙන්නේ නැහැ. ඉතින් ජනගහනයෙන් බොහෝ දෙනා සාගින්නෙන් පෙලෙන්න ගන්නවා. මේකට විසදුමක් ලෙස ජාන වෙනස් කරන ලද භෝග විද්‍යාඥයින් හදන්වලා දෙනවා. මේකෙන් ඉතා සරු අස්වැන්නක් ලැබි ලෝක අහාර සැපයුම පහසු කලාත් පසුවට තවත් ලොකු අර්බුධයකට ලෝකය මුණ දෙනවා ඒ තමයි මේ ජාන වෙනස් කල ආහාර නිසා නිවුන් දරුවන් ඉපදිම ඉහල යාම. ඇතැම් විට දරුවන් 5ක හයක නිවුන් දරු උපත් සිදුවෙන්න ගන්නවා. මේ නිසා ආපහු ලෝක ජනගහනය තවත් වැඩිවෙනවා. මේ නිසා නිතියක් ගේනවා එක් පවුලකට එක් දරුවෙක් පමණක් සිටින ලෙසට. මේ නිතිය නිසා නිවුන් දරු උපත් සිදු උනොත් අනික් දරුවන් සේරම රජය බාරයට අරන් තියාගන්නවා… ඒ රජය අරගන්න ළමයින්ට මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න පුලුවන්… ඉතින් මෙහෙම ඉපදෙන නිවුන් දරුවන් හත්දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මොවුන්ගේ අම්මා මොවුන් ඉපදෙන කොටම නැති වෙනවා. මොවුන්ව බලාගන්නේ සීයා. සියා කැමැති වෙන්නේ නැහැ මේ දරුවන් හත්දෙනාගෙන් කෙනෙක් විතරක් තියාගෙන අනික් අයව රජයට බාර දෙන්න. ඔහු මේ ළමයින් හත්දෙනාවම හොර රහසේ උස්මහත් කරනවා.. එතැනින් එහාට සිදුවෙන්නේ මොකක්ද කියලා ඔයාලා අරන්ම බලන්න. හොද ත්‍රීලර් කතාවක් කියලා අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. ඒ වගේම මේකේ ඇති දර්ශන කිහිපයක් නිසා අතිශයින්ම +18 චිත්‍ර‍පටියක් කියලාත් කියන්න ඕනි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

    Download “What Happened to Monday (2017) සිංහල උපසිරැසි” What.Happened.to.Monday.2017.Sinhala.Subtitle.rar – Downloaded 779 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram