More

    White Bird In A Blizzard (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    White Bird In A Blizzard (2014) Sinhala Subtitle

     

    චිත්‍රපටිය ගැන කියද්දි මට චිත්‍රපටිය බලලා ඉවර උනාම හිතුනේ කවදාවත් අපි මිනිස්සු ක්‍රියා කරන මිනිස්සු හැසිරෙන විදියෙන් ඒ අයගේ ගුණ දොස් තිරණය කරන්න හොද නැහැ කියලායි. දෙමව්පියන්ව දරුවෙකුට කොච්චර අවශ්‍යද? අම්මලා තාත්තලා දරුවෙක්ව අතහැරලා දැම්මොත් ඒ මානසික මට්ටම එක්ක ඒ ළමයින්ට මොනා වේවිද කියන දේ මේ චිත්‍රපටියේ මැනවින් පෙන්වලා දෙනවා. ඒ වගේම කොච්චර හොද කෙනෙක් උනත් නපුරු කෙනක් කරන්න කාගේ හරි වචන වලට පුලුවන් නේද කියලා ඔයාලට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. කතාවක් තියනවා නේ පොතක් උනත් පිටකවරයෙන් මැනලා තිරණය කරන්න එපා කියලා. මිනිස්සු උනත් එහෙමයි. පිටත පෙනුමෙන් කවදාවත් කෙනෙක්ව විශ්වාස කරන්න හොද නැහැ. විශේෂයෙන්ම පිරිමි කට්ටියව 
    කැත්‍රිනා එහෙම නැත්නම් කැට් කියන්නේ අවුරුදු 17ක කෙල්ලෙක්.ඇය දිනක් ගෙදර එද්දි ඇයගේ අම්මා අතුරුදහන් වෙලා..තාත්තා පිස්සු හැදිලා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. කැට්ගේ තාත්තායි අම්මායි වැඩිය හොද පවුල් ජිවිතයක් නෙමෙයි ගත කලේ. තාත්තා අහිංසක කෙනෙක් නමුත් කැට්ගේ අම්මා ඊවා කියන්නේ නිතරම තාත්තා එක්ක රණ්ඩුවට යන කෙනෙක්. මේ දේවල් කැට් පොඩි කාලේ ඉදලාම දැකලා තියනවා. ඒ නිසා ඇය අම්මා ගැන වැඩිය හිතන්නෙත් නෑ. ඇයත් අනුකම්පාව දක්වන්නේ ගොඩක්ම තාත්තාටයි. ඇයට මේ අම්මාගේ අතුරුදහන් විම පෙනුනේ අම්මා වෙන කවුරු එක්ක හරි පැනලා යන්න ඇති කියලාමයි. කැට් ගේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා තමයි ෆිල් කියන්නේ. ඇය ෆිල් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්නවා. මේ සම්බන්ධය ගැනත් කැට්ගේ අම්මා වැඩිය හිත්මනාපෙන් නෙමෙයි ඉන්නේ. මොකද කැට් හා ෆිල් දවසක් ගබඩා කාමරේ එකට ඉදලා අම්මාගේ අතටම අල්ලගන්නවා. අවුරුදු 16 – 17ක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඒ විදියට ඉන්නවා දැක්කාම අම්මා කෙනෙක්ට තරහා යන එකත් සාධාරණයි නේ.කොහොම හරි මේ වගේ සිදුවිම් ගොඩක් අස්සේ තමයි ඊවා අතුරුදහන් වෙන්නේ. ඇයට සිදුවෙච්ච දේ ඇත්තටම අභිරහසක්. ඒ අභිරහස ෆිල්ම් එකේ අන්තිමටම ඔයාලාට විසදගන්න ලැබේවි…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “White Bird In A Blizzard (2014) සිංහල උපසිරැසි” White.Bird.In.A.Blizzard.(2014).Sinhala.Subtitle.rar – Downloaded 571 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා සොයුරිය ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. සෑහෙන කාලෙකින් ..
      සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි…………….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram