spot_img
spot_img
More

    Wonder Woman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හදිසියේම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආව එහෙනං.. කලින් කින්ග් ආතර් චිත්‍රපටයට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 103 වෙනි උපසිරස විදියට අරගෙන ආවෙ දැනට මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටය කියලා කෙළින්ම කිව්වොත් හරි.. මොකද මේකෙ IMDB අගය 8.0ක්. මැයව මුළින්ම අපිට දැකගන්න ලැබුනේ Batman Vs Superman ෆිල්ම් එකේදි.. ඒහිදී ඇය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් වුනා.. මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Gal Gadot. ඇයව හැමෝම වගේ දැනගත්තෙ ෆාස්ට් ඇන්ඩ් ෆීයුරියස් චිත්‍රපටමාලාවෙන්.. ඇයගේ ලස්සන හැමෝම මෙම චිත්‍රපටය වෙතට ඇදගන්න තව හේතුවක්.. මුළින්ම වොන්ඩර් වුමන් චරිතය රඟපාන්නෙ මෙයා කියලා දැනගත්තම මටත් පොඩි සැකයක් තිබුණා මෙයාට ඒ චරිතය ගැලපෙයිද කියලා. ඒත් ඇය කෙතරම් අපූරුවට මෙම වොන්ඩර් වුමන් චරිතයට හැඩගැහිලා, පණපොවලා තියනවද කියලා චිත්‍රපටය නරඹන ඔබට දැනේවි..

    ඇය වොන්ඩර් වුමන් වන්නට පෙර ඇය ඩයනා කුමරිය විය. ඇමසන්හි කුමාරිකාව විය. පුහුණු වූ රණශූරියක් විය. ඒ රණ ශූරිය වන ආකාරය ඇය පිටත ලෝකයට මුහුණ දෙන ආකාරය එයට හැඩගැහෙන මෙම චිත්‍රපටයෙන් දැකගන්නට පුළුවන්. හැමෝම දන්නවා වගේ මෙය DC ලගේ චිත්‍රපට මාලාවෙ චිත්‍රපටයක්. මෙහි සම්බන්දයක් තියනවා ඉදිරියේදි එන්න තියන justice league චිත්‍රපටයටත්. වොන්ඩර් වුමන් කියන්නේ දැනට එහි පැරණිම සාමාජිකාව මැය බැට් මෑන් එක්ක එකතුවෙලා තමයි ජස්ටිස් ලීගය පිහුටුවන්නේ. ඒ වගේම කියන්න ඕන අපි සුපිරි වීරයන්ගේ ෆිල්ම් ගොඩක් බලලා තියනවා මෙය තමයි අපි සුපිරි වීරවරියකගේ චිත්‍රපටයක් දකින පළවෙනි අවස්තාව. මෙහි අධ්‍යක්ෂක අධ්‍යක්ෂකවරියක් වීමද විශේෂත්වයක්. මෙය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ආදායම් වාර්තා අලුත් කරන්නටද සමත් වුනා. චිත්‍රපටය තුළ ඩයනා කුමරියගේ ළමා කාලයත් ඇය පුහුණු වන විදියත් අපිට දැකගන්න ලැබෙනවා.. මැය ඉදිරි ඩීසී ෆිල්ම් වලත් විශිෂ්ඨ ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගන්නා චරිතයක් වන බවද නොඅනුමානයි. ඩයනා කුමරිය කියන්නේ මොන වගේ කෙනෙක්ද ඇය වොන්ඩර් වුමන් බවට පත්වෙන්නේ කොහොමද කියලා මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.චිත්‍රපටයේ තියන දේවල් කතාව මොකක්ද කියලා මම කියන්නේ නැහැ ඒක ඔයාලටම බාරදෙනවා බලාගන්න.

    මේක හොඳ අවස්තාවක් කියලා හිතනවා කියන්න ගොඩක් අය අහන දෙයක් තමයි සල්ලි ලැබෙන් නැතුවත් මොකටද මෙච්චර නැහෙන්නේ උපසිරස දෙන්න කියලා. ඒ අතින් බැලුවොත් අපේ දර්ශන නිශාන්ත අයියා තමයි ගොඩක්ම නැහෙන්නේ උපසිරසි දෙනවා සයිට් එකේ හැම වැඩක්ම බලනවා අපේ සබ් අප්ඩේට් කරනවා සකස් කරනවා.. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන දේකුත් නෑ. ගොඩක් අයට ඉංග්‍රීසි චිත්‍රපට හෝල් එකකට ගිහින් බලන්න පුළුවන්කමක් නෑ. වැඩ අධික කාර්යබහුල ජීවිතයේ ගොඩක් අය පොඩි හරි සැහැල්ලුවක් සතුටක් ලබනවා මේ වගේ චිත්‍රපටයක් බලලා.පෞද්ගලිකව මටත් එහෙමයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Wonder Woman (2017) සිංහල උපසිරැසි” Wonder.Woman.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1003 times – 84 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිසල් ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram