today-is-a-good-day
More

    Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගොඩක් අය එනකං ආසාවෙන් බලන් හිටිය චිත්‍රපටයක් තමයි Zack Snyder’s Justice League කියන්නෙ. ඇයි මේක මෙච්චර විශේෂ වෙන්නෙ. කවුද මේ සැක් ස්නයිඩර් කියන්නෙ. DCEU ෆෑන් කෙනෙක් නම් ඇත්තටම සැක් මහත්තයව නොදන්නවා වෙන්න බැ. Man Of Steel (2013), Batman V Superman (2016) වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරේ මෙයා. Justice League 2017 කරන්න හිටියෙත් මෙයා ඒත් අවාසනාවට ඒකෙ රූගත කිරීම් අතරමඟදි සැක් මහත්තයාගේ දුව නැති වෙනවා. තමන්ගෙ දුව නැති වුනාම ෆිල්ම් ඩිරෙක්ට් කරන්න පුලුවන්ද, ඉතිං ඔහු ඒකෙ වැඩවලින් ඉවත් වෙනවා. එතකොට 2017 ෆිල්ම් එකේ වැඩ ඉවර කරන්නෙ ජොස් වීඩන් මහත්තයා. මෙයා ස්නයිඩර්ගෙ ස්ක්‍රිප්ට් එක එහෙන් මෙහෙන් කරලා. ෆිල්ම් එක පොඩ්ඩක් ෂෝට් කරලා එහෙම තමයි රිලීස් කරන්නේ… කොහොම වුනත් මේ වෙනකොට දන්නවා ඇතිනේ.. 2017 ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර ලැබුනෙ නැ කියලා. ඉතිං එක tweet එකකින් පටන් ගත්ත දෙයක් තමයි මේ සැක් මහත්තයා ඩිරෙක්ට් කරපු ෆිල්ම් එකක් ඉල්ලන එක #Snyderverse #Snydercut වගේ ඒවා ගොඩක් ට්විටර් යූස් කරනව නම් ඔයාලා දැකගන්න ඇති, ඉතින් මේ වගේම DCEU එකේ නළුනිලියන්ගෙ ඉල්ලීම් නිසාම අවසානයේ තීරනය වෙනවා ෆිල්ම් එක කරන්න. සමහර සීන් නම් 2017 එකේ ඒවම තමයි. ඒත් ඔක්කොම ඒක වෙන්න බෑනෙ අරකට වඩා දෙගුනෙකටත් වඩා මේකෙ රන් ටයිම් වැඩියි කොටින්ම පැය 4ක්.

    දැන් ඉතින් ඔයාලා මේක බලන්න යනවනම් කලින් බලලා ඉන්න ඕන ෆිල්ම් සෙට් එකක් තියනවා නැත්තං අන්දුන් කුන්දුන් වෙලා යයි රැල්ලට බලන්න ගිහින්. Man Of Steel (2013) , Batman V Superman Dawn Of Justive (2016), Suicide Squad (2016), Wonder Woman (2017). අලුත් ඒවා නෑනෙ බොලේ කියල හිතන්න දෙයක් නැ. JL එන්න තිබ්බෙ වගේම ආවෙ 2017 දි. ඉතින් මේක 2021 දි ආවත් මේක බලන්න ඕන 2017 වගේ.

    අනික මේ Snyder Cut එක රිලීස් කරේ HBO Max එකට අද ඒ කියන්නෙ මාර්තු 18 වෙනිදා, ඒත් අවාසනාවකට ෆිල්ම් එක කලින්ම සමහර තැන්වලින් හොරෙන්ම පිටවුනා. hbo දැම්මම කොහොමත් පැන්නුවත් කලින්ම පැන්නුනම අවුල්නේ… හැබැයි ටිකක් හරි ඉක්මනට සබ් එක ගේන්න පුලුවන් වුනෙත් මේ හොරට ආව එක නිසාම තමයි. ඉතින් කතාව ගැන වැඩි යමක් කියන්න ඕන නැ. උඩ මං බලන්න කිව්ව ෆිල්ම් බලල නැති කෙනෙක් හිටියොත් ස්පොයිල් වුනොත් එහෙම අපරාධයක්නේ… මේක පටන් ගන්නෙ Batman V Superman ඉවර උන තැනින් කියලා කියන්නම්. එතකොට තේරෙනවනෙ ඔක්කොම බලන්නම ඕන කියලා.

    එහෙනම් බැට්මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, සයිබෝග්, ඇක්වාමෑන් සහ සුපර්මෑන් කියන සෙට් එක ස්ටෙපන්වුල්ෆ්, ඩාක්සයිඩ්ගෙන් එහෙම ලෝකෙ කොහොම බේරගයිද කියලා දැනගන්න එක ඔයාලට බාර කරලා අපි අදට යන්නම්. ආයෙත් සුපිරි ෆිල්ම් එකකින් හෝ සීරීස් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම් ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ්පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Justice League Synder Cut (2021) සිංහල උපසිරැසි” Justice.League.Synder.Cut.F.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16749 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    15 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      නැවත හමුවෙමු..!

      • .Idx.sub දෙන්නෙ නැද්දෝ… Spoil නොකරගෙන ඉන්න මාර කට්ටක් කන්නෙ. පුළුල් තිරේක බලන්න ආසාවෙන්😍

    2. අඩේ පට්ටම තෑන්ක්ස් බන් උණු උණුවෙම දුන්නට

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    4. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
      ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
      තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    5. Zack Snyder’s Justice League (2021)
      me move eka ganna thanak kiyanwada – 133====== eke baluawa open wenne na

      • මේ ෆිල්ම් එක රිලිස් වෙන්නේ එහෙමයි… ඔය කොපි එක තමයි එන්නේ..ඕක චිත්‍ර‍පටියේ ඩිටේල්ස් වැඩි පුර පෙන්න කරපු එකක් කියලා තමයි අධ්‍යක්ෂක නම් කියලා තියෙන්නේ

    6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram