spot_img
spot_img
More

    Zero (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 වසරේ කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටිය චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ… ලංකාවේ රසිකයන්ට නම් මේක සිනමා ශාලාවකට ගිහින් බලන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ… Aanand L. Rai විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Shah Rukh Khan,Anushka Sharma හා Katrina Kaif රංඟනයෙන් දායක වෙනවා.. දෙසැම්බර් 21 වැනි දින ලොවපුරා තිරඟත කරන ලද මේ චිත්‍ර‍පටිය හිතුව තරම් සාර්ථක උනේ නම් නැහැ..

    කතාව ගැන කිව්වොත් එහෙම කතාවේ ප්‍රධාන චරිතය බවුවා සිංග්. ඔහු මීරුට් නගරයේ ඉන්න රස්තියාදුකාර, උගත්, අඟුටුමිට්ටෙක්. ඔහු හා මුලින්ම ප්‍රේමයෙන් බැඳෙන තරුණිය ආෆියා. ඇය ඇවිදින්න බැරි, හරියට වචන පිටකරන්න බැරි යොවුන් තාරකා විද්‍යාඥවරියක්. මේ ප්‍රේමය එහෙම ගෙවිගෙන යන අතරේ බව්වා හීනයක් වන බබීතා කුමාරි කියන සුපිරි නිළිය මුණ ගැහෙන්න බවුවාට අවස්ථාවක් ලැබෙනවා. ඇය ඒ වෙනකොට බිඳුණු ප්‍රේමයේ දුක සැරටම සමරන ගමනුයි ඉන්නේ… මේ අතරේ බවුවාගේ සහ ආෆියාගේ ගෙවල් වලින් ඔවුන්ගේ විවාහ උත්සවය සූදානම් කරනවා. විවාහා උත්සවය දවසේ බවුවා බබීතාව නැවත මුණ ගැහෙන්න අවස්ථාවක් ලබා ගන්න නර්තන තරඟයක් සඳහා සියලු දෙනාගේ විරෝධතාවය මැද මංගල උළෙලෙන් පිටවෙනවා. ඔහු ඒ තරඟය ජයග්‍රහණය කරනවා. කතාවම කියන එක හරි නෑනේ. එතැන ඉඳන් කතාව ඔබම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් චිත්‍ර‍පටිය බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Zero.2018.Sinhala.Subtitle.rar – Downloaded 1120 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram