spot_img

තිරුචිත්‍රම්බලම් (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Thiruchitrambalam (2022) Sinhala Subtitle

ඔන්න එහෙනම් වෙනසකට එක්ක දමිළ චිත්‍රපටියක් එක්ක තමයි හමුවෙන්න එන්නේ.. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා.. තනියම කරන්න අමාරු නිසා අපේ දර්ශනවත් එකතු කරගෙන තමයි වැඩේට අත ගැහුවේ… චිත්‍රපටිය ගැන කිව්වොත් මේක සිනමා ශාලා වලට නිකුත් උනේ අගොස්තු 18 වැනිදා. Mithran R Jawahar අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Dhanush,Nithya Menen,Bharathiraja,Prakash Raj,Priya Bhavani Shankar හා Raashii Khanna රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් පලම් කියන්නේ පලම් (ධනුෂ්) ගේ හොදම යාළුවා තමයි සෝබනා (නිත්‍යා මෙනන්) පලම් තමන්ගේ ජිවිතේට වෙන හැම දෙයක් ගැනම කතා කරන්නේ සෝබනා එක්ක.. පලම් වැඩ කරන්නේ ඩිලිවරි සර්විස් එකක. කොහොම හරි දවසක් අහම්බෙන් පලම්ට තමන්ගේ පාසල් කාලේ පස්සෙන් ගිය ගැණූ ළමයෙක්ව හම්බවෙනවා.. ඇයගේ නම අනුෂා. මේ හමුවිම පවා ඇය මුලින්ම ඇවිත් කියන්නේ සෝබනාට.. ඒ ගැණු ළමයාව යාළු කරගන්න එවා පවා ඇයගෙන් අහන්නේ. සෝබනාත් පස්සෙන් ඉදගෙන පලම්ට හැම දේකටම උපදෙස් දෙනවා.. ඉතින් මේ පලම් ගෙයි සෝබනාගෙයි යාළුකමයි.. පලම්ට විටින් විට හිත යන ගැණු ළමයින්ගේ ආදර කතා වලට ඇය දෙන උපදෙසුයි එක්ක මේ චිත්‍රපටිය ගලාගෙන යනවා. හිත රිලැක්ස් කරගන්න බලන්න හොද චිත්‍රපටියක්.. එහෙනම් මේක බලන්න ආරාධනා කරනගමන් සමුගන්නවා.  ”හැමදේම හරි යන වෙලාවේ නෙමෙයි කරදරයක ඉන්න වෙලාවක උදව් කරන යාළුවා තමයි හැමවේලේම වැදගත්” 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram