today-is-a-good-day
More

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 05 හා 06 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියානු කථාමාලාවේ 5&6 කොටස් දෙකේම උපසිරැසි අරන් තමයි අපි අදත් මේ ආවේ.. ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඉතිං. මගේ උපසිරැසියේ (5th) ඉතිං කලින්ට වඩා භාෂාව සරල කරලා ඇත්තේ ඇඩ්මින් තුමාගෙ උපදෙස් මත. තනිකරම රාජකීය සීන් එකේ තමයි හිටියේ.. ඒත් ඉතිං දැන් වාතාවරනෙට ගැලැපෙන්න භාෂාව සරල කරා.. ටීවී එකෙත් දැන් එහෙම තමයි. ජාතික එකට වඩා හුගක්ම භාෂාව සරල කරලා තමයි දැන් ටීවි එකෙත් ඩබින් යන්නේ.. හරි ඉතිං ඒකත් සදහන් කලේ, ගිය සතියේ උදේ පාන්දරම ගත්ත කෙනෙක් හිටියනම්, එයාට ලොකු වෙනසක් තේරෙන නිසයි.

    ආයෙ කියනවනම් කිම් සෝ හ්‍යුන් සහ කිම් ජී සෝ රංගනයෙන් දායක වෙන මෙම කතාමාලාව ඉතිං ටීසර් පටයෙ ඉදන්ම කතා බහට ලක් වුන එකක්.. මොකද කිම් අක්කා නිසාමයි. ඇයව ඉතිං කුඩා කාලේ ඉදන්ම අපිට තිරයෙන් දැකගන්න ලැබුණ කෙනෙක්නේ.. ජී සූ නම් හුගක්ම සෙකන්ඩ් ලීඩ්ස් රෝල් තමයි කරේ. සුපුරුදු පරිදි ඔහුත් උපරිමෙන් රංඟනයේ යෙදෙනවා.

    ගා ජින් කියන්නෙ මතකය අහිමි වුනු නෙවෙයි මතකය අමතක කෙරෙව්ව කෙල්ලක් තමයි. ඉතිං කාලෙ ඇවෑමෙන් මැය දැනගන්නවා මැයට වෙනමම අතීතයක් තියෙනවා කියලා. ඉතිං මැය මැගේ අතීතය සොයා යන්න ගන්නවා.. සේරටම ඉහළින් මැය ඝාතයෙක්නේ.. සටන් එහෙම හොදට පුළුවන්. අතීතය සොයන් යන ගමනෙදි මැයට හයියක් වෙන්නෙ අහම්බෙන් මුණගැගෙන ඔන්-දල් කියන තරුණයා. මොහු ටිකක් මුරණ්ඩු කොල්ලෙක් තමයි.

    ඉතිං ඔහොම සමය ගෙවෙද්දි ගා ජින්’ටත් ඇගේ මතකෙ හුගක් දුරටම ආයෙ ලැබෙනවා. පසුව ඇය දැනගන්නවා ඇය තමයි මේ රටේ කුමරිය කියලා.. ඔහොම හුගක් සිදුවීම් මැද්දෙන් ගාජින් තීරනය කරනවා හොල්මන් නිම්නෙ කියන ගම්මානෙ නතර වෙලා සාමාන්‍ය දිවියක් ගතකරන්න. මේක ඔන් දල්ගෙ ගම. ඉතිං ඔහොම නිවහනක් හොයන් ළිදක් හාරන් ඉන්දැද්දි තමයි, රජතුමත් මැය ජීවත් වෙන විත්තිය දැන ගන්නෙ. ඒවගේම හතුරනුත් දැන ගන්නවා.. දෙපිරිසම දැන් මැයම හනි හනිකට සොයනවා.. කොටසක් රැක ගන්න වගේම කොටසක් ඝාතනයට තැත් කරනවා..

    පස් වෙනි කතාංගයෙත් යම් කොටසක් ඉහත කියවුනා. ඉතිං එහෙනම් ඒ ටිකත් එක්ක හයවෙනි කතාංගෙත් බලන්නකො.. කොහොම නමුත් මැයට වැඩි දවසක් නම් සරල දිවිය ගෙවන්න වෙන්නෙ නෑ.. ඔය අස්සෙ ඉතිං දල් සහ ගා ජින්ගෙ ආදරයකුත් ගොඩ නැගීගෙන වගේ එනවා.. බලන්ටකෝ එහෙනම්. ලබන සතියෙ මුණගැහෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “රිවර් වෙයාර් ද මූන් රයිසස් සිංහල උපසිරැසි” R.W.T.M.R.5-6.Sinhala.Subtitle.rar – Downloaded 1419 times – 90 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි              මිලග කොටස් වල උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Leave a Reply to kavinda Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram