today-is-a-good-day
More

    18 Pages (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    18 Pages (2022) Sinhala Subtitle

     

    ෴ දිවියක් වෙනස් කල පිටු 18ක් ෴

    ආදරය කියන්නෙ හරිම අපූරු දෙයක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අය දුටු ගමන් ආදරයෙන් බැදෙන අතර තවත් සමහරුන්ට ආදරේ තේරුම් යන්න බොහෝ කල් යනවා. ඒ අතරේ තවත් සමහරෙක්ට, ආදරේ දැනෙන කොට ඔහු හෝ ඇය ප්‍රමාද වී තියෙන්නත් පුළුවන්. ඉතිං මේ ආදරේ කියන්නේ බෙහෙත් වගේ දෙයක්, කලට නිසි වෙලාවට ගත්තෙ නැතොත්, පසු කාලයේ පසු තැවෙන්නට වෙනවමයි.

    සිද්ධු කියන්නේ සල්ලිකාර පවුලක පුතෙක්. ඒත් තනියම ජීවත් වෙන්නේ ඔහුට පවුලෙ අය එක්ක ඇති වුනු තරහක් නිසයි. හොඳ රස්සාවක් කරන, බොහොම කාර්‍යබහුල මේ සිද්ධුට පෙම්වතියකුත් ඉන්නවා. ඉතිං මේ පෙම්වතියගෙ උපන්දිනයත් එක්ක තමයි මේ කථාව ඇරඹෙන්නේ. මේ උපන්දිනය නිසා සිද්ධ වෙන යම් කිසි දෙයක් නිසා, සිද්ධුට ගැහැණු සංහතියම පාහෙ එපා වෙනවා. ඒ දුක නිසා මොහු පිස්සෙක් වගේ වෙනවා. ඉතිං මුළු කාමරේම තියෙන ඔහුගෙ හා ඇයගෙ සියළු මතක පුළුස්සන ගමන් සිද්ධු සිගරට් එකක් බොන්න හිතාගෙන ළග තිබුන පොතක පිටුවක් අරන්, අර ගිණි ගොඩෙන්ම දල්වලා, ඒ කොලයෙන්ම සිගරට් එක පත්තු කරනවා. පිටුවේ ටිකෙන් ටික සෙමින් සෙමින් අළුවීගෙන එනකොට, සිද්ධුට ඒ පිටුවෙ තිබුණ පේලි කිහිපයක් කියවගන්න පුළුවන් වෙනවා. ඒ පිටුවෙන් මේ ටික සිද්ධුට කියවගන්න පුළුවන් වෙනවා.

    Someone: ඔයා ෆේස්බුක් එකේ නැත්ද?
    A girl: නැහැ.

    Someone: ඇයි නැත්තේ?
    A girl: ම්ම්ම්.. ඇයි කියලා නම් දන්නේ නැහැ.

    Someone: හිටියනම් අපෙ ෆොටෝස් දාන්න පුළුවන්නේ.
    A girl: දැම්මාම?

    Someone: හැමෝම දකිනවනේ.
    A girl: ම්ම්ම්, දැක්කම?

    Someone: ගොඩාක් ලයික්ස් එනවා.
    A girl: ලයික්ස් ආවම මොකක්ද වෙන්නේ? මං කිව්වේ.. ගොඩක් ලයික්ස් ආවම මොකක්ද වෙන්නේ?

    Someone: මන්දා, දන්නෙ නෑ.
    A girl: දැක්කද? ඔයාටම තේරෙන්නෙ නෑ. ඒ නිසයි මට නැත්තේ.

    Someone: ඒ කියන්නෙ, ඔයා ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නැත්ද?
    A girl: මම පාවිච්චි කරන්නෙ නෑ.

    Someone: ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ?
    A girl: උවමනාවක් හිතිලා නැහැ.

    සිය දිවියෙ ප්‍රේමයට තිත තැබූ සිද්ධු, ඇති වුන අධිබල කුතුහලය නිසා, අර පිටුව අයත් පොත අරන් කියවන්න ගන්නවා.
    ඇත්තටම මේක ඩයරියක්. ඒකත් ගැහැණූ ළමයෙක්ගෙ ඩයරියක්. ඉතිං මේ ඩයරිය සිද්ධුගෙ කාමරයට කොහොමද ආවේ? ඒ වගේම අපි හැමෝම දන්නවනෙ ඩයරියෙ ලියලා තියෙන්නෙ බොහෝමයක් අපි එදිනෙදා කරපු දේවල් කියලා. ඒ කියන්නෙ අතීතය තමයි ඩයරිය කියන්නේ.

    තවත් කියන්න ගියොත් ඔයාලට ස්පොයිල් වෙන නිසා, කෙටියෙන් නවත්වන්නම්. ඒ ඩයරියෙ පිටු 18ක් තියෙනවා. ඒ පිටු 18 පුරා කථාවක් තියෙනවා. සිද්ධු කියන විදියට ටොන් ගානක් බර ගලක් උස්සලා වෙනහකින් තියන්න ශක්තිය තිබුණත්, ඒ ඩයරියේ සමහර පිටු පෙරලන්න නම් ඔහුට ශක්තියක් නෑ කියලයි.

    ඉතිං මොකක්ද මේ ඩයරිය? කාගෙ ඩයරියක්ද? මොකක්ද මේ කථාව? අනික මේ කතාවෙ ඉන්න කෙනා කෞද?මේ දේවල් වලට පිළිතුරු දැනගන්න ඕනා නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. පෞද්ගලිකව මම මේකෙ එන්ඩ් එකට නම් ආසයි. චිත්‍රපටයක අවසානයක් සනිටුහන් කරන්න දෙබස් අවශ්‍ය නැති බව ඔයාලට තේරෙයි.

    නිකිල් සහ අනූපමා ව ඔයාලට ආයෙම දකින්න අවස්ථාවක් ලැබෙනවා මේ චිත්‍රපටයෙන්. කලින් ඔයාලා Karthikeya 2 බලන්න ඇතිනේ.

    ලස්සනම ලස්සන ගීත මැද්දෙන් (සියල්ලම උපසිරැසි ගන්වා ඇත) ආදරණීය කථා බලන්න ආස අයට ඔන්න එහෙනම් බලන්න පුළුවන්.

    (කැම් පිටපතේ තිබූ දර්ශන සහ චරිත පවා HD පිටපතේ වෙනස් කර තිබුණි. බොහෝමයක් දෙබස් පවා
    වෙනස් කර තිබුණි. එකම තැන එකම කෙනා කැමේ දෙබස නෙවෙයි HD එකේ තිබුනේ. ඉතිං එහෙම මැගෑරිලා
    වෙනස් වුන දෙබසක් තිබුනොත් ගනන් ගන්න එපා. )

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “18 Pages (2022) සිංහල උපසිරැසි” 18.Pages.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6886 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
      උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
      ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
      මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
      ඔබටත් , ඔබ පවුලේ සැමටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි …!!

      • Ashen….. apiwa amathaka wela kiyala hithuwa….
        puluwan welawata sub ekak denna..
        Lahiru wath mathak karanawa…..
        Godak pin me karana kepakereemata……..!!

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram