spot_img

1921 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

1920 (2008), ‍1920: The Evil Returns (2012) සහ 1920: London (2016) ලෙසින් නිර්මාණය වූ චිත්‍රපට මාලාවට අලුතින්ම එකතු වූ චිත්‍රපටය තමයි 1921 (2018) චිත්‍රපටය. වික්‍රම් භාත්ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුනු මේ චිත්‍රපටයේ ඉදිරි පෙළ චරිත සඳහා සරීන් ඛාන් සමගින් කරන් කුන්ද්‍රා දායක වෙනවා. චිත්‍රපටය Horror, Mystery, Romance යන වර්ගීකර්ණයන්ට අයත්.

ආයුෂ් (කරන් කුන්ද්‍රා) කියන්නේ ඉතාමත් දක්ශ ගාය‍කයෙක් සහ පියානෝ වාදකයෙක්. ඔහුගේ ප්‍රතිභාව දකින වාඩියා කියන ධනවත් ව්‍යාපාරිකයා ඔහුට අපූරූ අවස්තාවක් ලබා දෙන්නට කැමති වෙනවා. එංගලන්තයේ යෝර්ක් සරසවියේ සංගීතය වැඩිදුර හදෑරීමට ආයුෂ් වෙනුවෙන් වියදම් සියල්ල දරන්න වාඩියා කැමති වෙනවා. යෝර්ක් ආසන්නයේම පිහිටි ඔහුගේ මන්දිරය බලාකියා ගන්න එක තමයි ආයුෂ්ට ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් කරන්නට සිද්ද වෙන්නේ. දැනට මන්දිරය බලාකියා ගන්නා පුද්ගලයා විශ්‍රාම යන නිසා ඇති වෙන පුරප්පාඩුව වෙනුවෙන් තමයි ආයුෂ් ඒ වෙනුවෙන් එම මන්දිරයට යන්නේ. ආයුෂ් බොහොම කැමැත්තෙන් ඒ යෝජනාවට කැමති වෙනවා.

එංගලන්තයට යන යන ආයුෂ් ඉතාමත් සතුටින් යෝර්ක් සරසවියේ තමන්ගේ සංගීත අධ්‍යන කටයුතුත් කරන ගමන් වාඩියා මන්දිරයත් බලාකියාගෙන කාලය ගත කරනවා. නමුත් ආයුෂ්ගේ මේ සතුට තියෙන්නේ මාස 3ක් පමණ ගත වෙන තුරු විතරයි. මේ මන්දිරය ඇතුලේ මහා අද්භූත දේවල් සිද්ද වෙන්න ගන්නවා. ඔහු නොදන්නා මොන යම් හෝ ලොකු රහසක් මේ වාඩියා මන්දිරය ඇතුලේ සැඟ තිබෙන බව ආයුෂ්ට ඒත්තු යනවා. ‍ රෝස් කියන සුන්දර තරුණිය තමයි මේ වෙලාවෙදි ඔහුගේ පිහිටට එන්නේ. ඔවුන් දෙදෙනාම එකතු වෙලා වාඩියා මන්දිරය හා බැඳුනු මේ අභිරහස හෙළිදරවු කරගන්නට දරණ වෑයම සහ එහිදී ඔවුන් මුහුණ දෙන බාධක හරහා තමයි චිත්‍රපටයේ ඉදිරිය දිගහැරෙන්නේ. එහෙනම් තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව සටහනට තිත තබනවා. ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගයාන් ගමගේ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram