spot_img

Mummies (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mummies (2023) Sinhala Subtitle

 

අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි Mummies (2023). ස්පාඤ්ඤ භාෂාවෙන් Momias. Warner Bros. Pictures ආයතනය වෙනුවෙන් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටිය ඔවුන්ගේ සාර්ථකම නිර්මාණය නෙමෙයි කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. ඒ්ත්, මේක වෙනස් තේමාවක් අරගෙන තියෙන කතාවක් නිසා, හැමෝටම ඒක විදියට රස විඳින්න පුළුවන් කියලා නම් විශ්වාසයි.

ශ්‍රීමත් සිල්වෙස්ටර් කානබි උතුමාණන් කියන්නේ පුරාවිද්‍යා චක්‍රවර්තී කෙනෙක්. එයාගේ කෞතුකාගාරයට අවශ්‍ය කරන පුරාවිද්‍යා බඩු බාහිරාදිය හොයන්න, එයාම ගවේෂණ කටයුතු කරනවා. මේ අත‍රේ ඔහුට හමුවෙනවා, නෙෆර් කුමරියගේ මමිය තියෙන සොහොන. උද්දාමයෙන් ඒ සොහොන විවෘත කරන ඔහුට දැකගන්න ලැබෙන්නේ හිස් එකක්. මේ අතරේ, අහම්බෙන් වගේ ඔහුට දැකගන්න ලැබෙනවා, ඊජිප්තුවේ හිටපු අශ්ව කරත්ත තරඟකරුවෙකුගේ, තුට්ගේ කුසලාන තියෙන කුටීරයකුත්. මේකෙන් පුරාණ කෞතුක භාණ්ඩ අරගෙන යන සිල්වෙස්ටර් උතුමාණන්, තුට් ළඟ තිබුණු වටිනා දෙයකුත් අරගෙන යනවා. මේක ආපහු අරගන්න කරන වික්‍රම තමයි මේ කතාවේ තියෙන්නේ.

Jordi Gasull ගේ කතා තේමාවක් පදනම් කරගෙන, Juan Jesús García Galocha විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය විනාඩි 88ක් පුරා දිවයනවා. කටහඬ ලබා දෙමින් චිත්‍රපටියට දායක වෙනවා, Joe Thomas (තුට්), Eleanor Tomlinson (නෙෆර්), Hugh Bonneville (සිල්වෙස්ටර් කානබි), Shakka (එඩ්) ඇතුලු පිරිසක්.

Animation චිත්‍රපටි වලට කැමති හැමෝටම මෙන්න එහෙනම් උපසිරැසිය. මේ උපසිරැසිය අරගෙන චිත්‍රපටිය බලලා රසවිඳින්න ආරාධනා කරනවා. ඒ වගේම, මම හැමදාම කියනවා වගේ, මේ ගැන අදහස් උදහස්, ‍යෝජනා, වැරදි අඩුපාඩු අපිට කියන්න. ඒවා වලින් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්වේවි. එහෙනම්, ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram