spot_img

War 2 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

War 2 (2025) Sinhala Subtitle

War’ ෆිල්ම් එක මතකද? රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්‍රෝෆ් එකිනෙකා සටන් කරපු ඒ සුපිරි ෆිල්ම් එකේ දෙවැනි කොටස “War 2” චිත්‍රපටිය තමයි අද අරගෙන ආවේ. මේක තනි ෆිල්ම් එකක් නෙවෙයි, යෂ් රාජ් ෆිල්ම්ස් සමාගමේ ‘YRF Spy Universe’ (ස්පයි යුනිවර්ස්) එකේ හයවෙනි චිත්‍රපටය. ඒ කියන්නේ ‘Pathaan’, ‘Tiger’ වගේ ෆිල්ම් තියෙන ලෝකෙම තමයි මේ කතාවත් දිගහැරෙන්නේ.

පළවෙනි ෆිල්ම් එකෙන් අවුරුදු පහකට පස්සේ තමයි මේ කතාව පටන් ගන්නේ. අපේ වීරයා ‘කබීර්’ (රිතික් රෝෂන්) දැන් RAW එකෙන් අයින් වෙලා, සල්ලිවලට වැඩ කරන කුලී හේවායෙක් (mercenary) වෙලා ඉන්නේ. හැමෝම හිතන්නේ එයා රටට ද්‍රෝහි වෙලා කියලයි.

ඉතින් දැන් මුළු රෝ එකම කබීර්ව හොයනවා,ඒ අතරේ කර්නල් ලුත්‍රාව ඝාතනය කරනවා,ඒ වෙන කවුරුවත් නෙවෙයි කබීර්,ඉතින් කබීර් ඇයි එහෙම කරල මුළු රටට ද්‍රෝහිවෙන්නේ කියල බලන්නනම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා,YRF Spy Universe ඊලගට එන ෆිල්ම් එක ගැනත් අපිට අන්තිමට ඉගියක් ලැබෙනවා,ඒ චිත්‍රපටියත් අපිට මේ අවුරුද්දේ අන්තිම බලාගන්න පුලුවන් වෙයි.

නළු නිළි කැල

‍රිතික් රෝෂන් – මේජර් කබීර් විදියට.
N. T. රාමා රාඕ Jr. – මේජර් වික්‍රම් චෙලපති (රඝු) විදියට (මේ එයාගේ පළවෙනි හින්දි ෆිල්ම් එක).
කියාරා අද්වානි – කර්නල් ලුත්‍රාගේ දුව, කාව්‍යා ලුත්‍රා විදියට.
අනිල් කපූර් – RAW එකේ අලුත් ප්‍රධානියා, වික්‍රාන්ත් කෞල් විදියට.
අශුතෝෂ් රානා – කර්නල් සුනිල් ලුත්‍රා විදියට.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ‘Brahmāstra’ වගේ ෆිල්ම් වලින් ප්‍රසිද්ධ වුණු අයියාන් මුඛර්ජි. ඉන්දියානු රුපියල් කෝටි 400ක වගේ දැවැන්ත වියදමකින් හදලා තියෙන මේක, ඉන්දියාවේ හැදුණු වියදම්ම චිත්‍රපට වලින් එකක්. ඉන්දියාවට අමතරව ස්පාඤ්ඤය, ඉතාලිය, අබුඩාබි වගේ ලස්සන රටවල් ගණනාවක මේකේ දර්ශන රූගත කරලා තියෙනවා. කාර් චේස්, බෝට්ටු චේස් සහ ගුවනේ කරන ඇක්ෂන් ජවනිකා වලින් නම් කිසිම අඩුවක් නෑ.

චිත්‍රපටය නිකුත් වුණාට පස්සේ මේකට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. සමහර විචාරකයෝ ෆිල්ම් එකේ ක්‍රියාදාම ජවනිකා, රිතික් සහ NTR Jr. ගේ රංගනය වගේ දේවල් ගොඩක් අගය කළා. ඒත් තවත් සමහරු කිව්වේ කතාවේ තියෙන අඩුපාඩු, අනවශ්‍ය විදියට දිග්ගැස්සුණු තැන් නිසා ෆිල්ම් එක ටිකක් දුර්වල වෙලා කියලා.

කොහොම වුණත්, ඇක්ෂන් ෆිල්ම් වලට, විශේෂයෙන්ම YRF Spy Universe එකට ආස කරන අයට නම් ‘War 2’ කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති  Original WEB HD පිටපත් සදහා ගැලපේ.
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ස්තූතියි ළහිරු අයියේ මේ ෆිල්ම්එකට සිංහල සබ් දුන්නට

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram