Bhooth Bangla (2026) Sinhala Subtitle
ඔන්න බොලිවුඩ් සිනමාවට ආදරය කරන අයට, ගොඩක් කාලෙකින් බලන්න පුළුවන් වුණ වෙනස්ම විදියේ Comedy-Horror චිත්රපටයකට තමයි අද අපි උපසිරැසි අරගෙන ආවේ. ඒ තමයි 2026 අප්රේල් 17 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු “භූත් බංග්ලා” චිත්රපටය.
මේ චිත්රපටයේ තියෙන සුවිශේෂීම කාරණාව තමයි අක්ෂේ කුමාර් සහ සුප්රසිද්ධ අධ්යක්ෂක ප්රියදර්ශන් අවුරුදු 14කට පස්සේ නැවතත් එකතු වීම. ඔයාලට මතක ඇතිනේ 2007 දී ආපු “Bhool Bhulaiyaa” චිත්රපටය, අන්න ඒ වගේම බය හිතෙන ගමන් බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් කතාවක් තමයි මේ චිත්රපටයෙත් තියෙන්නේ.
🌟 නළු නිළියන් පැත්තට හැරුණම..
මේකෙ ප්රධාන චරිතය විදිහට අක්ෂේ කුමාර්ව අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන පරේෂ් රාවල්, රාජ්පාල් යාදව්, සහ මෑතකදී අපෙන් සමුගත් ප්රවීණ නළු අස්රානි වගේ අයත් මේකට එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව Tabu, වාමිකා ගබ්බි, ජිෂු සෙන්ගුප්තා, මිතුන් චක්රබෝර්ති සහ මිතිලා පල්කාර් වගේ දක්ෂ නළු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා.
👻 කතාව ගැන පොඩ්ඩක්…
අක්ෂේ කුමාර් මේකෙ රඟපාන්නේ ‘අර්ජුන් ආචාර්ය’ කියන චරිතෙ. එයාගෙ නංඟි මීරාගේ විවාහ උත්සවය ඉන්දියාවේ මංගල්පූර් වල තියෙන එයාලගේ පරණ බංගලාවක කරන්න අර්ජුන් තීරණය කරනවා. හැබැයි එයා දන්නෙ නෑ මේක හොල්මන් තියෙන බංගලාවක් කියලා. හින්දු මිත්යා කතා, පැරණි වේද ග්රන්ථ , මහා භාරතය වගේ දේවල් වල එන කළු මායාවන් (Black Magic) පදනම් කරගෙන තමයි ප්රියදර්ශන් මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. මුල් භාගය ප්රේක්ෂකයින්ව කුතුහලයෙන් වගේම හොඳටම හිනස්සවමින් ඉස්සරහට අරන් ගියත්, විචාරකයින් නම් කියන්නේ චිත්රපටයේ දෙවන භාගය ටිකක් ඇදෙන ස්වභාවයක් තියෙනවා කියලයි.
💰 බොක්ස් ඔෆිස් (Box Office) ආදායම් වාර්තා ගැන කීව්වොත්,
චිත්රපටිය ගැන කතා කරද්දි මේකෙ බොක්ස් ඔෆිස් වාර්තා ගැනත් කියන්නම ඕනෙනෙ. ඉන්දියානු රුපියල් කෝටි 120ක විතර දැවැන්ත පිරිවැයකින් (Budget) තමයි බාලාජි මෝෂන් පික්චර්ස් වෙනුවෙන් ඒක්තා කපූර්, ශෝභා කපූර් එක්ක අක්ෂේ කුමාර් එකතු වෙලා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.
2026 අප්රේල් 17 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්රපටය දවස් කිහිපයක් ඇතුළතදීම ගෝලීය වශයෙන් රුපියල් කෝටි 100 සීමාව පසුකරන්න සමත් වෙලා තියෙනවා (දැනට කෝටි 111 කට වඩා හොයලා තියෙනවා). ඒ වගේම 2026 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්රපට අතරින් 3 වැනි ස්ථානයට පත්වෙන්නත් “Bhooth Bangla” දැනටමත් සමත් වෙලා තියෙනවා. රන්වීර් සිංගේ “ධුරන්ධර්” චිත්රපටයටත් ලොකු අභියෝගයක් දෙමින් තමයි මේ චිත්රපටය ඉතාම සාර්ථකව තිරගත වෙන්නේ.
කෙටියෙන්ම කියනවනම්, ඔයා අක්ෂේ කුමාර්ගේ පරණ කොමඩි චිත්රපට (Bhool Bhulaiyaa, Hera Pheri වගේ) බලන්න ආස කෙනෙක් නම්, පවුලේ අයත් එක්ක විවේකීව බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් චිත්රපටයක් විදිහට මේ “භූත් බංග්ලා” චිත්රපටය හඳුන්වලා දෙන්න පුළුවන්. දවසේ මහන්සිය නිවාගන්න, ඔළුව නිදහස් කරගන්න බලන්න කියාපු ෆිල්ම් එකක්! 🍿✨
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]








ස්තූතියි අශේන් සහෝ ළහිරු අයියේ මේකට සිංහල සබ් දුන්නට
💖
thanks……