Hive (2026) Sinhala Subtitle
ඔන්න අපි කිව්වා වගේම ආවා මේ ගමන අරන් ආවේ හොල්මන්,තිලර් ෆිලුමක්.
2026 රිලීස් වුණු කැනේඩියන් Horror-Thriller එකක් තමයි මේ “Hive” කියන්නෙ. ඇත්තටම මේක සාමාන්‍ය හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඔයාගේ හිත සසල කරවන , මොකක්ද මේ වෙන්නේ ? කියල හිතෙන ජාතියේ Mind Bending ෆිල්ම් එකක්…
කතාවේ ප්‍රධාන චරිතය තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. නම තමයි “සාෂා”. එයා “Baby Sitter” කෙනෙක්.
ඒ කියන්නෙ රැකියාව විදියට පොඩි ළමයි බලාගන්න කෙනෙක්. දවසක් ඇයට භාර වෙනවා එක පොඩි ළමයෙක්ව බලාගන්න. ඉතින් ඒ ළමයා පිට්ටනියක සෙල්ලම් කර කර ඉන්නකොට එකපාරටම අතුරුදන් වෙනවා. එතනින් පස්සේ තමයි කතාවෙ හොඳම ටික පටන් ගන්නේ. ඒ පිට්ටනියෙ ඉන්න ළමයි දිහා කවුරුහරි , නැත්නම් මොකක් හරි අද්භූත බලවේගයක් බලාගෙන ඉන්නවා වගේ සාෂට දැනෙන්න ගන්නවා. ඒත් එක්කම කතාවෙ ඇත්ත මොකක්ද ? හීනයක් ද ? කියල හිතාගන්න බැරි විදිහට කතාව වෙනස් වෙන්න ගන්නවා. කිසිම ස්පොයිලර් එකක් දෙන්නෙ නැහැ. ඒත් අන්තිමට කරකවල අතහරින එක ගැන නම් හිතාගන්නවත් බැරි වෙයි.
එතනින් එහාට ඔයාලට බාරයි කතාව. එහෙනම් අපි අදට සමුගන්නවා, තවත් මේ වගේ
අලුත් ෆිල්ම් එකකින් මුණගැහෙනකම් ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි! ජයවේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]








සබට තෑන්ක්ස් මචෝ
ස්තූතියි bro..❤️