Dhurandhar The Revenge (2026) Sinhala Subtitle
ඔන්න එහෙනම් අද මගේ 750 වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ ඉන්දීය සිනමාවේ ලොකු කැළබීමක් කරපු ෆිල්ම් එකක 02 වෙනි කොටස. ඒ තමයි ආදිත්ය ධර් ඩිරෙක්ට් කරපු Dhurandhar: The Revenge ෆිල්ම් එක.
මේක ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන 2025 දි ආපු මේකෙ පළවෙනි ෆිල්ම්
එක, ඒ කියන්නේ Dhurandhar ගැන. පළවෙනි ෆිල්ම් එකෙන් පස්සේ කට්ටිය හෙන ගැම්මෙන්
හිටියේ ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඒ බලාපොරොත්තු කඩ කරන්නේ නැතුව ආපු
මේ දෙවෙනි ෆිල්ම් එකෙන් මේ සුපිරි කතාව නියමෙටම අවසන් කරනවා.
මේ ෆිල්ම් එකේ ප්රධාන චරිතය කරන්නේ රන්වීර් සිංහ්. එයා පට්ටම ගේමක් දෙනවා
undercover ඉන්දියන් රහස් ඔත්තුකරුවෙක් විදිහට. මේකෙ කතාව යන්නේ 26/11 මුම්බායි
ප්රහාරයට සම්බන්ධ අයට විරුද්ධව පළිගන්න එක වගේම, පාකිස්ථානයේ අපරාධ කල්ලි
සහ දේශපාලන ජාලාවල් ඇතුළට රිංගලා කරන භයානක මෙහෙයුමක් ගැනයි. කතාව ගැන මම මීට වඩා
මුකුත්ම කියන්න යන්නේ නැහැ, මොකද ස්පොයිල් වුණොත් ෆිල්ම් එක බලද්දී තියෙන කික් එක
නැති වෙනවනේ. හැබැයි කතාව ඇතුළේ මාරම ට්විස්ට් ටිකක් තියෙනවා කියලා විතරක්
කියන්නම්.
රන්වීර්ට අමතරව අර්ජුන් රාම්පාල්, සංජේ දත්, ආර්. මාධවන් වගේ පට්ටම නළු සෙට් එකක්
මේකට ඉන්නවා. විශේෂයෙන්ම සංජේ දත් වගේ කට්ටිය ෆිල්ම් එකට අමුතුම ගැම්මක් එකතු
කරලා තියෙනවා. ෆිල්ම් එකේ වෙලාව ටිකක් දිග වුණත්, කම්මැලිකමක් නැතුව ඇණ තියාගෙන
බලන්න පුළුවන් විදිහට කතාව හදලා තියෙනවා. ඒ වගේම ඇක්ෂන් සීන් එහෙමත් වෙනමම ලෙවල්
එකක තියෙනවා.
ඔයා ස්පයි (Spy) ෆිල්ම්ස්, ඇක්ෂන් ත්රිලර් බලන්න ආස කෙනෙක් නම් කිසිම සැකයක් නැතුව
මේ ෆිල්ම් එක බලන්න. හැබැයි මතක ඇතුව පළවෙනි ෆිල්ම් එක බැලුවේ නැත්නම් ඒක බලලම මේකට
සෙට් වෙන්න. එතකොට තමයි කතාවේ සම්පූර්ණ රහ විඳගන්න පුළුවන් වෙන්නේ!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













750ට සුබ පැතුම් අයියේ, 😍🙇♀️ලෙජන්ඩ් 📈
750* ට සුභ පැතුම් අයියෙ❤️
750වෙනි සබ්එකට සුබ පැතුම් අයියේ..
කතා දෙකක් නෑ.. සිංහල උපසිරැසිවල ඉන්න රියල්ම වැඩ්ඩක් තමයි ඉතිං ඔයා….
මේ සබ්එකටත් තෑන්ක්ස් හොදේ
Thanks
750වෙනි සබට සුභ පැතුම් සහෝ…!!
දිගටම මේ වගේ සබ් දෙමු.. ජයවේවා..!🎊️❤️👍👌
750 වෙනි උපසිරුසියට සුභ පැතුම් ලහිරු මල්ලි