Mr X (2025) Sinhala Subtitle
ඉන්දියාවේ රහස් පරීක්ෂක චිත්‍රපටි අමුතු එවා නෙමෙයිනේ. හැබැයි ගොඩක් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ හින්දි සිනමාවෙන්. කාලේකට පස්සේ දමිළ සිනමාවෙනුත් මේ වගේ චිත්‍රපටියක් ඇවිල්ලා තියනවා. මනු ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද, ආර්‍යා සහ ගෞතම් කාර්තික් ප්‍රධාන චරිත නිරූපණය කරන දමිළ චිත්‍රපටියක් තමයි මිස්ටර් එක්ස් කියන්නේ… මේක ලොව පුරා 2026 අප්‍රේල් 17 වෙනිදා තිරගත වුනා. චිත්‍රපටියට හැබැයි ලැබුනේ නම් මිශු ප්‍රතිචාර තමයි. චිත්‍රපටියේ සෙසු ප්‍රධාන චරිත විදියට ආර්. සරත්කුමාර් මංජු වරියර්, රයිසා විල්සන් සහ අනගා රංඟනයෙන් දායක වෙනවා.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් මේක ඉන්දියාවේ රහස් ඔත්තු සේවා නිලධාරීන් කණ්ඩායමක් වටා තමයි ගෙතෙන්නේ… 1960 ගණන්වල නන්දා දේවි කඳුකරයේ සැඟවී තිබූ න්‍යෂ්ටික අවියක් හොයාගැනිමත් එක්ක ඉන්දියාවට ලොකු න්‍යෂ්ටික තර්ජනයක් එල්ලවෙනවා. මේක ව්‍යාර්ත කරන්න දරණ මෙහෙයුමක් තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. එහෙනම් වැඩි කතාවක් ඕනි නැහැ අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












