Lenin (2026) Sinhala Subtitle
සුභ දවසක් හැමෝටම,
2026 ජූලි 10 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “Lenin” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන අද මම සූම් උපසිරැසි නිවහනට ගොඩ වැදුනා. මුරලි කිෂෝර් අබ්බුරුගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ අඛිල් අක්කිනි සමගින් එක්වෙන භාග්‍යා ශ්‍රී බෝස් විසින්.
පැය 2 යි මිනිත්තු 30කට ආසන්න ධාවන කාලයක් හිමි මේ ලෙනින් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 100 පසුකර ගිය අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 50 ක් පමණ වෙනවා. රොමැන්ටික් ඇක්ෂන් ඩ්‍රාමා (Romantic action drama) ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටය, මෙතෙක් පැමිණි අඛිල් අක්කිනිගේ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් වාර්තාවක් හිමි චිත්‍රපටය මෙය බවත් සදහන් කළ යුතුයි.
චිත්‍රපටයේ රංගන දායකත්වය,
* Akhil Akkineni – [ලෙනින්]
* Bhagyashri Borse – [භාරතී]
* Pramod Panju – [වසන්ත්]
* Ramesh Indira – [MLA රාඝව රෙඩ්ඩි]
* Easwari Rao – [ජයන්ති]
* Ramki – [නීලකන්ටම්]
* Sivaji – [එතිරාජුලු]
* Brahmaji – [දාමෝදරම්]
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්,
කතාව ආරම්භ වෙන්නේ ශ්‍රීරාමපුරම් කියන ගම්මානයේ පවත්වන ‘භාරතම් මිට්ටා’ කියන දවස් 18ක් පවත්වන උත්සවයකින්. මේ උත්සවයේ පළමු දිනයේදී ගමේ පාර්ශව දෙකක් අතර ඇතිවන ආරවුලක ඉද්දි බඩගින්නේ ආපු නාඳුනන පිරිමි ළමයෙක් හැමෝටම කලින් උත්සවයේ ධජය ඔසවන චාරිත්‍රය සිදු කරනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, “ලෙනින්” කාත් කවුරුවත් නොමැතිව භාරතම් මිට්ටා උත්වයට ආපු මේ ළමයාව ජයන්තී නම් කාන්තාව එයාගේ පවුලට එකතු කර ගන්නවා.
වසර කිහිපයකට පසු සිරගතව සිට නිදහස් වී එන ලෙනින්, දිල්ලි කියන ළමයෙක්ට තම අතීතය විස්තර කරනවා. ඒ අනුව MLA රාඝව රෙඩ්ඩි සමඟ ඇති වූ ගැටුම, භාරතී සමඟ ඇති වූ ආදරය සහ තමාට සිරගත වීමට සිදුවූ අවාසනාවන්ත පළිගැනීමේ කුමන්ත්‍රණය ඔහු විසින් මෙහිදී හෙළි කරනවා.
මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
⛔ Due to copyright issues we do not provide any torrent links











