Paiyaa (2010) Sinhala Subtitle
වැස්ස වැටෙන හැන්දෑවක කාර් එකක / බස් එකක ජනේලෙන් එළිය බලාගෙන යනකොට, ඉබේටම වගේ හිතට එන සින්දු ටිකක් තියෙනවා නේද? “තුලි තුලි තුලි මලෛයායි…” එහෙමත් නැත්නම් “අඩඩා මලෛඩා…” වගේ සින්දුවක් කනට වැටුණු ගමන් අපිව ආපහු අරගෙන යන්නේ 2010 අවුරුද්දට. යාළුවොත් එක්ක පෙන් ඩ්‍රයිව් වල, CD වල දාගෙන ෆිල්ම් බලපු, ෆෝන් එකේ සින්දු අහපු ඒ සුන්දර අතීතෙට. අන්න ඒ මතකයන් අවුස්සන, දෙමළ සිනමාවේ ආපු ලස්සනම “Road Movie” එකකට උපසිරැසියක් තමයි අද ගෙනාවේ. ඒ තමයි 2010 අප්‍රේල් 2 වෙනිදා රිලීස් වුණු Paiyaa (පයියා) ෆිල්ම් එක.
“පයියා” කියන එකේ තේරුම “කොල්ලා” කියන එක. එන්. ලින්ගුසාමි (N. Lingusamy) අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක, අදටත් ගොඩක් අයගේ ප්‍රියතම ෆිල්ම් ලිස්ට් එකේ උඩින්ම තියෙනවා.
😊🚗🌧️
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
කතාව පටන් ගන්නේ බැංගලෝර් වලින්. අපේ කතා නායකයා ශිවා (කාර්ති) කියන්නේ ජොබ් එකක් හොය හොය යාළුවොත් එක්ක ආතල් එකේ ඉන්න කොල්ලෙක්. දවසක් ශිවාට අහම්බෙන් හම්බවෙනවා චාරුලතා එහෙමත් නැත්නම් චාරු (තමන්නා) කියලා ලස්සන කෙල්ලෙක්ව. දැක්ක ගමන්ම ශිවාට චාරු ගැන ආදරයක් ඇති වෙනවා.
ඔන්න දවසක් ශිවා යාළුවෙක්ගේ Mitsubishi Lancer කාර් එකත් අරගෙන රේල්වේ ස්ටේෂන් එක ළඟ ඉන්නකොට, කලබලෙන් වගේ ඉන්න චාරුයි එයාගේ තාත්තගේ බිස්නස් පාට්නර් කෙනෙකුයි ශිවා ළඟට ඇවිත් හිතන්නේ මේක ටැක්සියක් කියලා. එයාලා ශිවාට කියනවා චෙන්නායි වලට යන්න ඕනේ කියලා. ශිවාත් ඉතින් කෙල්ල නිසා එක පයින්ම කැමති වෙනවා.
හැබැයි මගදි තෙල් ගහන්න නවත්තපු වෙලාවක චාරු අර මනුස්සයව දාලා ශිවාට කියනවා කාර් එක අරන් ඉක්මනට යන්න කියලා. එතනින් පටන් ගන්න ගමන නවතින්නේ මුම්බායි වලින්. බලෙන් කරන්න හදන කසාදෙකින් බේරිලා ආච්චි ළඟට පැනලා යන චාරුයි, කෙල්ලගේ හිත දිනාගන්න හදන ශිවායි අතරේ මේ දිග හයිවේ ගමනේදී ඇතිවෙන බැඳීම හරිම ලස්සනයි. හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නෑ; චාරුව හොයාගෙන එන තෙළිඟු මැර කල්ලියක් වගේම, මුම්බායි වල ඉන්න ලොකු මැරයෙක් වුණු බාලිගේ කල්ලියත් ශිවාගේ පස්සෙන් පන්නනවා. ආදරේ, කොමඩි, ෆයිට්ස් ඔක්කොම එක්ක යන මේ ගමනේදී ශිවායි චාරුයි එකතු වෙන හැටි අපිව හරිම ලස්සනට කතාව ඇතුළේ හිර කරගන්නවා.
ආපස්සට හැරිල බැළුවම,
කාර්ති මීට කලින් Paruthiveeran, Aayirathil Oruvan වගේ ෆිල්ම් වල හිටියේ ටිකක් රළු චරිත වලට. හැබැයි කාර්තිට ආසාවක් තිබුණලු ලස්සන ඇඳුම් ඇඳලා “Cool dude” කෙනෙක් විදියට නාගරික ආදර කතාවක් කරන්න. ඒ නිසයි එයා Paiyaa තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ චාරුගේ චරිතයට මුලින්ම තෝරගෙන ඉඳලා තියෙන්නේ නයන්තාරාවලු. පස්සේ බජට් ප්‍රශ්න නිසා නයන්තාරා අයින් වුණාට පස්සේ ත්රිෂාගෙ නමත් කියවිලා තියෙනවා. අන්තිමේදී තමයි තමන්නාට මේ චරිතේ ලැබිලා තියෙන්නේ. අද හැරිලා බලද්දි හිතෙනවා චාරුගේ චරිතෙට තමන්නා තරම් වෙන කවුරුත් ගැළපෙන්නේ නැතුව ඇති කියලා. කාර්තිගෙයි තමන්නගෙයි ඒ කෙමිස්ට්‍රි එක අදටත් මාරම ෆ්‍රෙෂ්!
ඒ වගේම ශිවාගේ යාළුවා ‘පූචි’ විදියට හිටපු ජගන්ගේ (Jagan) කොමඩි ටිකත් මාර ගති. R. මාධිගේ කැමරාකරණය (Cinematography) නිසා කර්ණාටක, ආන්ද්‍ර ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර හයිවේ වල ලස්සන හරියට අපිත් ඒ කාර් එකේ පිටිපස්සේ සීට් එකේ ඉඳන් යනවා වගේ දැනෙනවා.
🎶 ෆිල්ම් එකේ හදවත වෙන්නෙ යුවන් ශංකර් රාජාගේ මියුසික්!
Paiyaa ගැන කතා කරනකොට යුවන් ශංකර් රාජා (Yuvan Shankar Raja) සහ පද රචක නා. මුතුකුමාර් (Na. Muthukumar) ගැන කතා නොකරම බෑ. ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එක මෙච්චර ලස්සන නොස්ටැල්ජික් මතකයක් වුණේ මේ සින්දු ඇල්බම් එක නිසා කියලයි මට නම් හිතෙන්නේ.
• “Thuli Thuli” – හරිචරන් කියපු මේ සින්දුව ඒ කාලේ මුළු ඉන්දියාවේ වගේම ලංකාවෙත් රේඩියෝ වල එක දිගට වැදුණා. කෙල්ලෙක්ව දැක්ක ගමන් හිතේ ඇතිවෙන ඒ අහිංසක ආදරේ හරිම ලස්සනට මේකේ තියෙනවා.
• “En Kadhal Solla” – යුවන්ගේම කටහඬින් කියපු මේ සින්දුව අදටත් තමන්ගේ ආදරේ කියාගන්න බැරුව ඉන්න කොල්ලන්ගේ ජාතික ගීය වගේ!
• “Adada Mazhaida” – කේරළයේ අතිරපල්ලි (Athirappilly) දිය ඇල්ල ළඟ වැස්සේ ෂූට් කරපු මේ සින්දුව, රාහුල් නම්බියාර් සහ සයින්ධවි ගායනා කළා.
• ඒ විතරක් නෙවෙයි “Poongatre Poongatre”, “Suthudhe Suthudhe Boomi” සහ පස්සේ ෆිල්ම් එකට එකතු කරපු “Yedho Ondru” සින්දුවත් එකකට එකක් දෙවැනි නෑ.
2010 වසරේ මේ සින්දු ටික රිලීස් වුණාට පස්සේ මාස 8කටත් වඩා වැඩි කාලයක් චාට් වල උඩින්ම තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඉතිං මේකෙ තියෙන සේරම සිංඳු ටිකත් සිංහල උපසිරැසියෙන් වර්ණවත් කරලා ඇත්තේ.
🏆 බොක්ස් ඔෆිස් සහ සම්මාන (Awards) ගැන කිව්වොත්…
2010 අප්‍රේල් මාසේ තිරගත වෙන්න පටන් ගත්ත ගමන් Paiyaa බොක්ස් ඔෆිස් වල සුපිරිම හිට් (Blockbuster) එකක් වුණා. මේක තෙළිඟු බසින් Awara කියලා හඬකවලා රිලීස් කරලා එහෙත් සුපිරි හිට් එකක් වුණා වගේම, 2014 දී කන්නඩ භාෂාවෙන් Ajith නමින් රීමේක් (Remake) වුණා.
සම්මාන උළෙලවල් වලදීත් Paiyaa ෆිල්ම් එක, විශේෂයෙන්ම ඒකේ සංගීත අංශය, සම්මාන පිට සම්මාන දිනාගත්තා..
• Mirchi Music Awards (2010): වසරේ හොඳම ඇල්බමය (Best Album of the Year), Mirchi Listeners’ Choice හොඳම ඇල්බමය වගේම, “En Kadhal Solla” ගීතයට Mirchi Listeners’ Choice වසරේ හොඳම ගීතය සම්මානයත් හිමිවුණා.
• 2011 Big Tamil Entertainment Awards: හොඳම සංගීත අධ්‍යක්ෂක විදියට යුවන් ශංකර් රාජාත්, හොඳම ගීත රචකයා විදියට නා. මුතුකුමාර්නුත් සම්මාන දිනාගත්තා.
• 5th Vijay Awards: “En Kadhal Solla” ගීතය වෙනුවෙන් ජනප්‍රියම ගීතය (Favourite Song) සම්මානය යුවන්ට ලැබුණා. ඊට අමතරව හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම පසුබිම් ගායකයා (හරිචරන්), හොඳම සටන් අධ්‍යක්ෂක (කනල් කන්නන්), ජනප්‍රියම අධ්‍යක්ෂක (ලින්ගුසාමි) සහ ජනප්‍රියම නිළිය (තමන්නා) යන අංශ වලටත් නිර්දේශ (Nominate) වුණා.
• 2011 Vijay Music Awards: සංගීත අධ්‍යක්ෂකවරයෙක් ගායනා කළ ජනප්‍රියම ගීතය (“En Kadhal Solla” – යුවන්) සහ Mirchi Listener’s Choice සම්මානය (“Thuli Thuli” – යුවන් සහ හරිචරන්) දිනාගත්තා. ඊට අමතරව තවත් අංශ රැසකට නිර්දේශ වුණා.
• 58th Filmfare Awards South: හොඳම නළුවා (කාර්ති), හොඳම නිළිය (තමන්නා), හොඳම සංගීත අධ්‍යක්ෂක (යුවන්), හොඳම ගායකයා (රාහුල් නම්බියාර් – “Adada Mazhaida”) සහ හොඳම ගායිකාව (සයින්ධවි – “Adada Mazhaida”) යන ප්‍රධාන සම්මාන 5කටම මේ ෆිල්ම් එක නිර්දේශ වුණා.
අවුරුදු 16ක් ගෙවිලා ගියත්, අදටත් Paiyaa කියන්නේ හිතට පොඩි නිදහසක්, සතුටක් ඕන වුණු වෙලාවක කිසිම කම්මැලිකමක් නැතුව ආයෙත් බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක්. විශේෂයෙන්ම කාර්තිගේ ඒ ස්ටයිලිෂ් රංගනයයි, තමන්නගේ අහිංසක හිනාවයි, යුවන්ගේ සින්දු ටිකයි එක්ක තරුණ කාලේ මතකයන් ආයෙමත් අලුත් වෙනවා.
⛔ Due to copyright issues we do not provide any torrent links













