Drishyam The Conclusion (2026) Sinhala Subtitle
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්රිය වූ Drishyam චිත්රපට මාලාවේ අවසන් සහ තීරණාත්මකම පරිච්ඡේදය වන Drishyam: The Conclusion චිත්රපටිය තමයි අද මේ අරන් ආවේ… අභිෂේක් පාඨක් විසින් අධ්යක්ෂණය කරන ලද මෙම සිනමාපටය, පළමු චිත්රපට දෙක තරම්ම කුතුහලය සහ ත්රාසය උපරිමයෙන්ම ගෙන එන නිර්මාණයක් කියලා කියන්නම ඕනි. මලයාලම් Drishyam 3 චිත්රපටයේ පිටපතට වඩා හාත්පසින්ම වෙනස්, සම්පූර්ණයෙන්ම අලුත්ම කතා තේමාවක් ඔස්සේ තමයි මේක තියෙන්නේ… කිසිම විවාදයක් නැතුව හින්දි චිත්රපටිය මලයාලම් ඒකට වඩා සැහෙන හොදයි කියලා කියන්න පුලුවන්. තිරගත වි පළමු දිනයේම කෝටි 60 කට ආසන්න ගණනක් උපයපු චිත්රපටිය කෝටි 460ක “Blockbuster” වාර්තාවක් පිහිටවන්නත් සමත් උනා. අජේ දේව්ගන්,තාබු ,ජයිදීප් අහ්ලාවත්,ශ්රියා සරන්,රජත් කපූර් සහ ප්රකාශ් රාජ් මෙහි ප්රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා…
කථාව කෙටියෙන්,
තම පවුල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිතියට පවා අභියෝග කරලා කෙසේ හෝ අභියෝග සියල්ල ජයගත්ත හැටි කලින් චිත්රපටි දෙකේ දකින්න ඇතිනේ. දැන් දෙවැනි චිත්රපටියේ සිදුවිම වෙලා මාස හයකට පස්සේ වෙන සිදුවිමක් තමයි මේකේ තියෙන්නේ… කොහොම හරි මොහු සමකාමිව පවුල එක්ක ජිවත් වෙමින් ඉන්නවා… එත් අතීතයේ සිද්ද වුන සමීර්ගේ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නවතම සාක්ෂි කිහිපයක් හමුවීමත් එක්ක ආපහු සියල්ල නැවතත් උඩුයටිකුරු වෙනවා….මෙවර විජේට මුහුණ දීමට සිද්ද වෙන්නේ කලින්ට වඩා බොහෝ තියුණු බුද්ධියක් තියන, නීතියට පමණක් ගරු කරන අලුත් පොලිස් නිලධාරියෙකු වන SP රාජ්වීර් සිං තෝමර්ටයි. මීරා දේශ්මුඛ්ගේ පළිගැනීමේ චේතනාවත් එක්ක මේ පාර විජේ සල්ගඕන්කර්ට තම පවුල බේරා ගැනීමට ගහන්න වෙන අන්තිම තුරුම්පුව මොකක් වෙයිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












