spot_img

Bhairava Geetha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

KGF චිත්‍ර‍පටිය රසවින්දට පස්සේ කට්ටිය කන්නඩ චිත්‍ර‍පටි වලටත් ඇළුම් කරන්න පටන් අරන් වගේ පේන නිසා තවත් කන්නඩ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ… මේකෙත් වැඩි අඩු නැතුව ක්‍රියාදාම නම් පිරිලා තියනවා…. මේක Siddharth Thatholu ගේ අධ්‍යක්ෂණයක්… නිශ්පාදන බරපැන Ram Gopal Verma ගෙනි… ප්‍ර‍ධාන චරිත ලෙස Dhananjay හා Irra Mor රංඟනයෙන් දායක වෙනවා… මේකේ ටිකක් කපන කොටන දර්ශන වගේම ශූංගාරත්මක දර්ශන වැඩි නිසාම වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් තමයි නිකුත් වෙන්නේ…

කතාව ගැන කිව්වොත් එහෙම ගීතා කියන්නේ මේ පලාතේ බලවත් කෙනෙක්ගේ දුවෙක්. ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා ගමට එනවා.. ගමට ආවා ගමන් ගීතාගේ තාත්තා කරන්නේ පලාතේ ලොකුම මැරයෙක් වෙන සන්කරප්පාගේ පුතා නන්ජාමාරි එක්ක කසාදය තීන්දු කරන එක… නමුත් ගීතා මේ කසාදය ගැන සතුටින් නෙමෙයි ඉන්නේ… ඒකට ලොකු හේතුවක් තියනවා… කොහොම හරි නන්ජමාරි එක්ක ගීතා පොඩි අවුලකුත් හදාගන්නවා… මේ නිසාම ගීතා කසාදේට කලින් තාත්තා ගාව වැඩකර කර හිටපු බහිරවා කියන තරුණයාගේ උදව්වෙන් ගමෙන් පැන ගන්නවා… මේක සන්කරප්පා වගේම නන්ජාමාරීට ආරංචි උනාම ඔවුන්ට පිස්සු හැදෙනවා! තමන්ට කරපු අවනම්බුවට ගීතාව කපලා කපලා මරලා දාන්න මොවුන් හිතාගන්නවා… කොහොම හරි ගීතා මේ පැනලා ගිය බහිරවා එක්ක පොඩි ආදර හුටපටයකුත් පටන් ගන්නවා… කොහොම හරි නන්ජමාරිට ගීතාව හොයාගන්න පුලුවන් වේවිද? ගීතා පැනලා ගිය බහිරවා කියන තරුණයා ඇයව කොයි විදියට බේරගනිවිද කියලා චිත්‍ර‍පටිය නැරබුවොත් දැනගන්න පුලුවන්. හොද ඇක්ෂන් චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක ඒකට කියාපු විසදුම කියන ගමන් මං සමුගන්නවා.. ඔබට සුභ දවසක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram