spot_img

Chal Mohan Ranga (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙලෙඟු සිනමා සිත්තමක් තමයි මේ විදියට අරන් ආවේ. මේ චිත්‍ර‍පටියේ කිසිදු ඉංග්‍රිසි සබ් එකක් හරි අන්තර්ජාලයේ නැහැ ඉතින් අසාලිවිමක් තමයි කරන්න උනේ. වැරැදි ඇතොත් සමාවෙන්න කියලාම විස්තරය කියන්න පටන් ගන්නම්කෝ…. මේක තනිකරම ආදර කතාවක්…. Nithiin හා Megha Akash ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන මේ චිත්‍ර‍පටිය තිරඟතවිම ආරම්භ කලේ 2018 අප්‍රේල් මාසයේදි තමයි. චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Krishna Chaitanya ගෙනි…. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෝහන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම ඇමරිකාවට යන්න හින දකින තරුණයෙක්. මොහුගේ එකම ආසාව තමයි ඇමරිකාවට ගිහින් රස්සාවක් කරලා ස්ථිර වෙන එක. හැබැයි හරි හැටි අධ්‍යාපන සුදුසු කමක්වත් මෝහන්ට නම් නැහැ. ඉතින් ඇමරිකාවට යන්න වීසා අයඳුම් කරන හැම පාරම ඒක ප්‍ර‍තික්ෂේප වෙනවා. නමුත් මෝහන් වැඩේ අතහරින්නෙත් නැහැ. මෝහන්ගේ තාත්තාට එහෙම මේ වැඩේ ඇති වෙලා තියෙන්නේ. වෙන රස්සාවකට යන්නෙත් නැහැ කරන්නේම ඇමරිකාවට යන්න උත්සහා කරන එක. කොහොම හරි මෝහන්ට පොටක් පැදිලා ඇමරිකාවට යන්න චාන්ස් එකක් ලැබෙනවා. කොහොම හරි ණයකුත් අරන් සල්ලි හොයාගෙන මෝහන් ඇමරිකාවට ගියාම තමයි ලොකු අවුලකට වැටෙන්නේ… ඉතින් ඒ අවුලෙන් ඉද්දි තමයි මේඟාගේ වාහනේට මෝහන් හැප්පෙන්නේ. හැප්පෙනවා කිව්වාට වෙරි වෙලා ඇවිල්ලා මෝහන්ම තමයි වාහනේ වැදෙන්නේ…කොහොම හරි මෝහන්ගේ කතාව අහලා මේඟා ඔහුට උදව් කරනවා. මේකට හිලව් වෙන්න මේගා මෝහන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා. මෝහනුත් දෙපාරක් හිතන්න නැතුව කැමැති වෙනවා….හැබැයි ඔය උදව්ව නිසා තමයි මෝහන්ගේ සම්පුර්ණ ජිවිතේම වෙනස්වෙන්නේ… ඉතින් ඒ විස්තර හැම එකක්ම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත්…. කලිනුත් කිව්වා වගේම මේක තනිකරම රොමැන්ටික් චිත්‍ර‍පටියක්. ලස්සන ඟීත කිහිපයකුත් චිත්‍ර‍පටියේ තියනවා… එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න කියලා ඉල්ලිමක් කරන ගමන් මං සමුගන්නවා. සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram