spot_img

Bleeding Steel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ ජැකී චැන් රඟපාන ක්‍රියාදාම සපිරි චිත්‍ර‍පටියක්. The Foreigner (2017) චිත්‍ර‍පටියෙන් පස්සේ ජැකී චැන් රඟපාපු අලුත්ම චිත්‍ර‍පටිය තමයි මේක. මේකේ හොද වෙබ් කොපියක් ආව ගමන් සබ් කරන්න ගත්තාත් එකේ තිබ්බේ මැන්ඩරින් භාෂාවට ආදාල සබ් ටික විතරයි. පස්සේ දැන් සති කිහිපයකට කලින් නිල වශයෙන් ඉංග්‍රිසියට හඬකවපු කොපියක් අන්තර්ජාලයට නිකුත් උනත් එකේ ඉංග්‍රිසි සබ් එක නම් ගන්න දෙයක් නැහැ. චිත්‍ර‍පටියේ නැති කැලිත් සබ් එකේ තියනවා අනික ටයිමින් ටිකක් අවුල්. කොහොම හරි සබ් එක කරාට පස්සේ ගානට ටයිමින් වලට හදලා දුන්නේ දර්ශන තමයි. ඒකට සම්පුර්ණයෙන් ස්තුතිය හිමිවෙන්න ඕනි. මේක Red Sparrow චිත්‍ර‍පටියටත් කලින් මං සබ් එක කරලා ඉවර කලේ. නමුත් අර අවුල නිසා තමයි ටිකක් පරක්කු උනේ.

කතාවේ බැනර් එහෙම කලින් දැකලා ඔයාලා හිතුවා නම් මේක පිටසක්වල මොකක් හරි සම්බන්ධ කතාවක් කියලා එහෙම එකක් නම් නැහැ. මොකද බැනර් වල අමුතු යානාවක් වගේ එකකුයි අමුතු විදියේ තුවක්කුවකුයි අතේ තියන් තමයි ජැකී චැන් ඉන්නේ. එකත් චිත්‍ර‍පටියේ කොටසක් නමුත් ඔය අන්තිම හරිය.. … අපි චිත්‍ර‍පටියේ කතාව ගැන බලමු… ලීන් (ජැකි චැන්) කියන්නේ පොලිස් නිලධාරියෙක්. ඇයගේ දුව නැන්සී ලියුකේමියාව නිසා සැත්කමකට භාජනය කරලා තියෙන්නේ. නමුත් එදාම රෑ ලීන්ට පොලිසියෙන් දුරකථන ඇමතුමක් එනවා. ඒ ඩොක්ටර් ජේම්ස් නැමැති සාක්ෂිකාරයෙක්ව ආරක්ෂා සහිතව අරන් එන්න. මේ ඩොක්ටර් ජේම්ස් රසායනික විද්‍යාඥයෙක්. ඔහු කෘතිම හදවතක් වගේම ජෛව විවිධත්ව ආයුධයක් ගැන පරික්ෂණය කරනවා. මේ පරික්ෂණයක් අතරතුර ඔහුට සිදුවන වැරදිමකින් ජෛව විවිධත්වයෙන් සපිරි ජිවියෙක් නිර්මාණය වෙනවා. ඉතින් මේ සේරම පරික්ෂණ විස්තර එක්ක මේ ජේම්ස් නැමැති පුද්ගලයාව අත්අඩංගුවට අරන් එන්න තමයි ලින්ට පැවරෙන්නේ. මොවුන් ජේම්ස් හිටපු තැන වටලලා ඔහුව අත්අඩංගුවට අරන් එලියට එද්දිම නොසිතු ආකාරයේ ප්‍ර‍හාරයක් එල්ලවෙනවා. මේක සිදු කරන්නේ ජේම්ස් නැමැති පුද්ගලයා කරපු පරික්ෂණ වාර්තා පැහැරගන්න. කොහොම හරි මේ ප්‍ර‍හාරය වගේම මේ සිදුවිම් සියල්ලම ලීන්ගේ ජිවිතේ ලොකු වෙනසක් සිදු කරනවා. මේ සේරම බලන්න නම් මේ චිත්‍ර‍පටිය අරන් බලන්න වෙනවා. පැය 1 විනාඩි 50ක් පුරාවට ක්‍රියාදාම රැසකින් සපිරි මේ චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram