spot_img

Tag (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2015 වසරේ නිකුත් වුන ජපන් චිත්‍රපටයක් වන Tag සලරුව තමා අද මේ විදිහට රැගෙන එන්නෙ. මේක Horror/ Action කාණ්ඩයට තමා අයත් වෙන්නෙ ඒත් මේක බලලා ඉවර වෙද්දි කල්පනා කරයි මොකද්ද මේ බැලුවෙ මේක වෙනම සීන් එකක්නෙ කියලා. විනාඩි 80ක් පුරාවට කුතුහලය උපරිමයෙන් තබමින් ගලායන මෙය IMDb හි 6.1 ක අගයක් ලබාගන්න සමත්වෙනවා. ඔබ සමහර විට සමාජ මාධ්‍ය වල දැකලා ඇති විඩියෝ එකක් යනවා ළමයි කට්ටියක් බස් එකක ට්‍රිප් එකක් යද්දි ඒ බස් රථය දෙකඩ වෙන්න කැපිලා යනවා එක් ළමයෙක් විතරක් ඉතුරු වෙන්න… අන්න ඒක මේ චිත්‍ර‍පටියේ කැල්ලක් තමයි.

කතාව ගැන බැලුවොත් මිට්සුකො කියන චරිතෙ වටා තමා මේක ගෙතිලා තියෙන්නෙ. ඒවගේම මෙයාට මේකෙ තවත් නම් දෙකක් තියනවා. පටන් ගැනීමම මහා විපත්තියක්. මං උඩින් සදහන් කලා වගේ හුළඟකට බස් එකක් සහා ළමයි පිරිසක් දෙකට කපාගෙන යන්න පුළුවන්ද? කොහොමද ඒක නේද? වැඩි කතා කරන්න ඕන නැ. මේක බලලම එන්න. මිට්සුකෝට කාව හම්බෙයිද? තව මොන මොන අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙයිද? වගේම කතාවෙ අවසානය මොකක් වෙයිද කියලා.

පරණ චිත්‍රපටයක් උනත් මේක අරගෙන ආවෙ අමුතුම විදිහක චිත්‍රපටයක් නිසා. කැමති අය අරගෙන බලන්න එහෙනම්. තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. අනිවාර්යයෙන්ම බලනවා කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. අනිවා බලනවා අරිගතෝ ගොසයිමශිතා තව ජපන් කතා ටිකක් සබ් කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram