spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) පළමු කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

වසර ගනනාවකට පස්සෙ අලුත්ම අලුත් (ongoing) කොරියානු කතාමාලාවක උපසිරැසි දෙන්න අපි හිතුවා. ඉතින් මේ ඒවෙනුවෙන් තියන පලවෙනි පියවර. “ලව්ස්ට්‍රක් ඉන් ද සිටී” AKA “සිටි කපල්ස් වේ ඔෆ් ලව්” තමයි නම… අද ( දෙසැම්බර් 22) සවස ඉදන් මේක Kakao TV/Netflix මගින් විකාශය ඇරඹුවා..ආපු ගමන් උණු උණුවෙම පලවෙනි කොටස අරන් මමත් ආවා.. Romance/Drama/Youth/Comedy ඝනයට අයත් මෙය මිනිත්තු 30 කොටස් 12කින් සමන්විත වීමට නියමිත කථාමාලාවක්..අද සිට ජනවාරි 29 වෙනිදා තෙක් විකාශය වීමට නියමිතයි.මේකේ රගපාන අය ගත්තම අදුරන අය තමයි ඉන්නේ..

Ji Chang Wook තමයි ප්‍රධාන නළුවා..”Healer,K2,Backstreet Rookie වගේම ජාතික රූපවාහිණිය සිංහල හඩ කවලා ගිය “සූරිය දියණි” කතාමාලාවෙත් අධිරාජ්‍යාට හිටියේ.. ප්‍රධාන නිළිය තමයි Kim Ji Won.. දන්න ලෙසින් කිව්වොත් සිරස ටීවී වෙතින් සිංහල දෙබසින් රසවත් වූ “හිමන්තරා” නැත්නම් “ඩිසෙන්ඩන්ට්ස් ඔෆ් ද සන්” කියන ප්‍රසිද්ධ කතා මාලාව බැලුවනම් හිත හොරා ගත් සෙකන්ඩ් ලීඩ්ස් ෆීමේල් රෝල් එක කරපු නිළිය තමා. ඒවගේම හේයර්ස් එකෙත් රේචල් විදියට ඉන්නෙත් මෙයා. Fight For My Way,Arthdal Chronicles වගේ සුපිරි කතාවලිනුත් ඇයව දැකගන්න පුලුවන්… සහය චරිත ගත්තම Kim Min Seok, So Ju Yeon,Ryu Kyung Soo,Han Ji Eun
යන අය ප්‍රධාන වශයෙන් ඉන්නවා.. දන්න කියන අය තමයි.

Episode 1 එකේ කතාව ගත්තම මෙහෙමයි දිග හැරපාන්නේ…මේක නගරයක පොල්ලො කෙල්ලන්ගෙ ආදර ජීවිත ගැන පෙන්වන වැඩසටහනකට සමාන කරමු අපිව තමා මේකෙ විනිෂ්චය මණ්ඩලය විදිහට පත් කරලා තියෙන්නෙ. ඉතිං වැඩසටහන කරන කෙනා සෝල් නගරයෙ තෝරාගත් පිරිසක්ව එකතු කරගෙන තමා මේක පටන් ගන්නෙ. මෙයාලා මේ ආදර ජවනිකාව පටන් ගන්නත් කලින් ප්‍රධාන චරිත දෙකට අතීත කතාවකුත් තියෙනවා. ඒක තමා අපිට මේ කොටසින් ප්‍රධාන වශයෙන්ම බලාගන්න තියෙන්නෙ. උඩත් සඳහන් කරානෙ. මං පෞද්ගලිකව ආසම ජෝඩුවක් තමා මේකෙ ප්‍රධාන කපල් එකට ඉන්නෙ. වැඩි කතා ඕන නැ. අරගෙන බලලම ඉමු. පැය භාගෙක කොටසක්, මහ වෙලාවක් යන්නෙත් නැනෙ. හොදයි එහෙනම් අදට මම ගියා. ආයෙ දෙවන කොටසින් සිකුරාදා මුණ ගැසෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram