spot_img

Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍ර‍පටියේ මුල්ම චිත්‍ර‍පටිය Atithi Tum Kab Jaoge? චිත්‍ර‍පටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක එකිනෙකට සම්බන්ධ නැහැ. කතාවේ මුලාශ්‍ර‍ය විතරයි සමාන වෙන්නේ… මේ චිත්‍ර‍පටියත් පලමු චිත්‍ර‍පටිය මෙන්ම අධ්‍යක්ෂණය කරන්නේ Ashwni Dhir විසින්. මෙහි Paresh Rawal,Kartik Aaryan හා Kriti Kharbanda ප්‍ර‍ධාන චරිත නිරුපනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් සමහර නැදැයෝ වෙනවා නේ ඇණයක් වෙන. ගෙදරට නිතරම එනවා ආවාම යන්නෙත් නැහැ. අනික තමන්ට පාඩුවේ ඉන්න දෙන්නෙත් නැහැ හැම එකම හොයලා බලනවා. ඒ වගේ අකරතැබ්බයක් තමයි මේ කතාවේ ආර්යන්ටත් වෙන්නේ. ආර්යන් කියන්නේ ලන්ඩන් වල රාජකාරි කරන තරුණයෙක්. අවුරුදු හතරක් රාජකාරි කලාත් ඔහුට ලන්ඩන් වල පුරවැසිභාවය ලබා ගන්න බැරි වෙනවා. මේ නිසා ඔහු පොඩි උපායක් පාවිච්චි කරනවා. ඒ රටේ ඉන්න ගැණු ළමයෙක්ව බොරුවට විවාහ කරගන්න එක. එහෙම විවාහ කරගන්න හදන්නේ අනායාව. අනායා ඉන්දියානු යුවතියක් උනත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තරුනියක්. මේ නිසා මුදල් ලබා දෙන්නම් කියලා ආර්යන් අනායාව බොරුවට කසාද බදිනවා.. එහෙම බැදලා මාස හයක් හතක් ඉදලා වීසා හම්බුනාම දෙන්නාම දික්කසාද වෙන්නයි සැලසුම වෙන්නේ. කොහොම හරි මේ කසාදේ සැබැවක් කියලා ඔප්පු කරන්න අනායාත් ආර්යන්ගේ නිවසට ඇවිල්ලා පදිංචි වෙනවා. දෙන්නා හැබැයි ඉන්නේ කාමර දෙකක. මොකද මේ දෙන්නා ඇත්තටම කසාද බැදලාවත් ආදරය කරන්නේවත් නැති නිසා. කොහොම හරි මේ සිදුවිම වෙන කාලයේ තමයි අර්යන්ගේ ඉන්දියාවේ ගමේ ඉන්න මාමායි නැන්දායි මේ ගෙදරට කඩන් වැටෙන්නේ. ඔතැනින් එහාට ආර්යන්ට වෙන්නේ පුදුම කරදර තමයි. ඒ විතරක් නෙමෙයි බොරු කසාදයක් නිසා මේ ගෙදර පදිංචි වෙලා ඉන්න අනායාටත් වෙන්නේ සුලුපටු දේවල් නෙමෙයි. මොකද මාමාටයි නැන්දාටයි මේක බොරු කසාදයක් කියලා කියන්නත් බැහැ. එහෙම කිව්වොත් ලොකු ගැටළුවක් වෙන නිසා. ඉතින් මේ මාමයි නැන්දයි එක්ක අනායයි…ආර්යන්ටයි වෙන කරදරය තමයි චිත්‍ර‍පටිය පුරාවට තියෙන්නේ. පලවෙනි චිත්‍ර‍පටිය මෙන්ම මේ චිත්‍ර‍පටියෙත් අවසානය ටිකක් සංවේදියි. නරඔන්න හොද චිත්‍ර‍පටියක් ලෙස නිර්දේෂ කරන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න මං ගියා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram