spot_img

Wrong Turn (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටිකක් පමා උනත් චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් ආවා. මේක මමත් ආපු කාලේම ඇහුවා උනත් මේක කෙනෙක් බාරගත්තා කියලා කිව්වා හැබැයි ඒ කෙනා නොකරනවා කියලා දැනගද්දිත් ටිකක් පරක්කු වෙලා තිබ්බා. මේක නිකුත් උනේ ජනවාරි මාසේ 26 වැනිදා.. ඔබ හැමෝම කලින් ආපු රොන්ග් ටර්න් චිත්‍ර‍පටි මාලාව බලන්න ඇති කියලා හිතනවා. නමුත් ඒ චිත්‍ර‍පටි වලට වගේම ඒ චිත්‍ර‍පටි වල කතාවට මේක කොහෙත්ම සම්බන්ධ නම් නැහැ.. පරණ චිත්‍ර‍පටිවල ඉන්නේ මිනිමස් කන ග්‍රෝත්‍රික පිරිසක් වගේ කට්ටියක් උනාට මේකේ නම් ඒ වගේ පිරිසක් දකින්න නම් ලැබෙන්නේ නැහැ… ඒ හා සමාන කතාවක් තමයි යන්නේ.. ඔයාලාට වඩාත් පැහැදිලි වෙන්න චිත්‍ර‍පටියේ කතාව ගැන කියන්නම්කෝ..

යාළුවෝ කණ්ඩායමක් ටිකක් ගම්බද පලාතකට යනවා කැලේක කන්දක් තරණය කරන්න කියලා. මොවුන් මේ යන ගම් පලාතේ මිනිස්සු නම් වැඩි මිත්‍ර‍ශිලි පිරිසක් නම් නෙමෙයි. මොවුන් නවතින නවාතැම්පලේ කාන්තාව පවා මොවුන්ට ගිය ගමන් අනතුරු අගවනවා කන්ද තරණය කරන්න යනවා නම් ඒ කැලැවේ අඩිපාරේ ඇරෙන්න ඒ අඩිපාරින් මිදිලා කැලේ ඇතුලට නම් යන්න එපා කියලා. කොහොම හරි මේ යාළුවෝ ටික කන්දේ බාගයක් විතර දුර ගියාම හිතනවා කැලේ ඇතුලට ගිහින් බැලුවා නම් හොදයි කියලා. මේකට සමහර අය අකමැති උනත් ගමේ අය කැලේට යන්න එපා කිව්ව කතාවත් ගණන් නොගෙන මේ අය කැලේ ඇතුලට යනවා. මෙහෙම ටික දුරක් ගිය ගමන් මොවුන්ගේ පැත්තට ලොකු ගස්කොටයක් කන්ද උඩ ඉදන් පෙරලිලා එනවා. මේකෙන් මෙතැන කෙනෙක් මිය යනවා වගේම මොවුන්ට තේරුම් යනවා කවුරුන් හෝ මේ අය පස්සේ පන්වනවා කියලා. ඉතින් මේ පන්නන පිරිස කවුද? ඒ අය ඇයි කැලේට එන පිරිස මරන්න උත්සහා කරන්නේ? මේ හැමදේම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Sensation (2021)
    Moxie (2021)
    Coming 2 America (2021)

  2. thanks for subtitles

    request-

    The Last House on the Left (2009)
    arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram