spot_img

A Place Called Silence (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

A Place Called Silence (2024) Sinhala Subtitle

 

චෙන් යූටොන්ග් කියන්නේ උපතින්ම කතා කරන්න බැරි ගැහැණු ළමයෙක්. එයා ජිංහ්වා උසස් බාලිකා පාසලේ ඉගැනුම ලබන්නේ. මුලින් විශේෂ අවශ්‍යතා ඇති අයගේ පන්තියේ හිටියත්, පස්සේ එයා සාමාන්‍ය ළමයි අතරට එවන්නේ, ඇයගේ ඉගැනීමේ දක්ෂතා නිසා. හැබැයි, මේ පන්ති මාරු කිරීම, ලොකු කරදර ගොඩකට ආරම්භය කියලා කිසිම කෙනෙක් විශ්වාස නොකරන්න ඇති.

විදුහල්පතිතුමාගේ දියණියත් ඉගැනුම ලබන්නේ මේ පාසලේමයි. හැබැයි, එයා එක විදියක චණ්ඩියෙක්. අසරණ දුබල ගැහැණු ළමයි තෝරගෙන, එයාලාට හිරිහැර කරන එක මෙයා ඇතුළු කණ්ඩායමේ විනෝදාංශයක්. මේ හිරිහැර වලට නිතර අහුවෙන කෙනෙක් තමයි ටොන්ග්. ඒත් එක දවසක්, මේ හැමදේම ඉවසාගෙන දරාගෙන ඉන්න පුළුවන් සීමාව පනිනවා. නතර වෙන්නේ මිනිමැරුම් ගණනාවකින්. මේ ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය දිගටම බලන්නම වෙනවා.

Sam Quah විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. රඟපෑමෙන් දායක වෙනවා, Eric Wang (ලින් සයිෆු), Ning Chang (ලී හන්), Francis Ng (ඩායි සහෝදරයා), Wang Sheng Di (චෙන් යූටොන්ග්) ඇතුළු පිරිසක්. චීන භාෂාවෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 193ක් පමණ මේ වෙනකොටත් උපයගෙන තියෙනවාලු.

මට හිතාගන්න බැරි එක කාරණයක් තියෙනවා. මේ චිත්‍රපටිය A Place Called Silence (2022) චිත්‍රපටියේ රීමේක් එකක්. ඒ කතාවම වෙන නළු නිළියන් යොදාගෙන කරපු එකක්. චිත්‍රපටියක් නිකුත් වෙලා අවුරුදු දෙකකට පස්සේ, ඒ චිත්‍රපටියේ රීමේක් එකක් කරන එක ටිකක් අසාමාන්‍යයි නේද? අනික, මේ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කරන්නේ එකම අධ්‍යක්ෂකවරයා. ඇයි මෙහෙම කලේ කියන එක තේරුම්ගන්න බැරි කාරණයක්.

එහෙනම් සුපුරුදු විදියටම මේ සිංහල උපසිරැසියත් එක්ක මේ චිත්‍රපටිය රසවිඳින්න හැමෝටම ආරාධනා! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. විස්තරය කියවල බලපුවාම හිතගියා,.සබ් එකට thank you 😊❤️‍🔥❤️‍🔥❤️‍🔥

  2. ගොඩක්ම ස්තූතියි නිලුෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. බොහොම ස්තූතියි සහෝ.
    පුළුවන්නම් The Battle at Lake Changjin (2021),The Battle at Lake Changjin II (2022) උපසිරැසි දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram